IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු මව්බිම ජනතා පක්ෂයට අද (2) එක්වූහ.

බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු මන්ත්‍රීවරු තිදෙනා එම පක්‍ෂයේ සාමාජිත්වය ගත්හ.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා ද එහිදී මව්බිම ජනතා පක්ෂයට එක්විය.

එහිදී රොෂාන් රණසිංහ මහතා එම පක්‍ෂයේ සභාපති ධූරයට ද, මහාචාර්ය චන්න ජයසුමන මහතා එම පක්ෂයේ උප සභාපති ධූරයට ද, මිලාන් ජයතිලක මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස ද, පත් කළේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා එම පක්‍ෂයේ කටාන ආසනයේ සංවිධායකයා ලෙස පත් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජන කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට ද තරග කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මිලාන් ජයතිලක මහතා 2020 මහ මැතිවරණයේදී මහර ආසනය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රිකයෙන් පාර්මේන්තුවට තේර පත්විය. 



අදහස් (4)

රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති

de silva Wednesday, 02 October 2024 03:01 PM

අපරාදේ ක්‍රිකට් ප්‍රශ්නෙට රනිල්ගෙන් ගේම ඉල්ලා හරි තැනක හිටගෙන හොඳ නමක් හදාගෙන සිටි රොෂාන් රණසිංහත් මේ කුණු ගොඩට එකතුවුණා... ඔහුට පොළොන්නරුවෙන් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ඉල්ලුවත් දිනන්න පුළුවන්කම තිබුණා. මාලිමාව සමග හෝ සමගි බලවේගේ සමග එකතුවුණා නම් උඩින් දිනුම්... දැන් ඉතින් සොරිම තමයි... අපිට ඔයාවත් ගෙදර තියන්න වෙනවා කණගාටුවෙන් වුණත්...

:       10       15

sanath Wednesday, 02 October 2024 03:04 PM

හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලාද? හොරුන්ට ඡන්දෙ දීලා අමාරුවේ වැටෙන්න තරම් පිස්සුවක් අපට නැහැ, ඕකේ හොඳ ටිකක් හරි මිනිහෙකුට ඉන්නේ රොෂාන් රණසිංහ පමණි...

:       9       14

නම* Wednesday, 02 October 2024 03:07 PM

මැරුණු බල්ලෙකු හැර යන මැක්කන් එකින් එකා වෙන අතක් බලමින්...! 

:       3       14

de silva Wednesday, 02 October 2024 03:34 PM

බල්ලා මැරුණාට පස්සේ මැක්කෝ ටික රොෂාන්ගේ ඇඟේ එල්ලිලා, රොෂාන් තවම ප්‍රමාද නැහැ. ඔයත් ඔය මැක්කෝ ඇඟේ එල්ලාගෙන දේශපාලන ජීවිතේ කාලකන්නි කරගන්නේ නැතිව, ස්වාධීන වෙන්න. එහෙම නැතිනම් කරන ව්‍යාපාරයක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න... ඔයා අරගෙන තියෙන්නේ ඔයාගේ ජීවිතේ ගත්තු මෝඩම දේශපාලන තීරණයක්...

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 4 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 535 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 609 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 250 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 695 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1941 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site