IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


රෝහල් මානසික නිදහස දෙන තැන් විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක්  බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ අගලවත්ත පිඹූර  රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සොයා බැලීමෙන් අනතුරුව නිලධාරීන් සහ රෝහල් කමිටු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සෑම රෝහලක් ම සංවර්ධනය කිරීමේ දී භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන, පරිසරයේ අලංකාරය ද ආරක්ෂා කරමින්, ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂතා ද මතු කරමින් රෝගියාට මානසික සුවය ලබා දෙන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය දියූණු කිරිමට සැලසුම් සකස් කරන බව පැවසී ය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සේවා සැපයීමේ දී වැදගත් ම අංශයන් වන ද්විතීයික හා තෘතීයික රෝහල් 130 කින් යුත් සේවා පද්ධතියට අවශ්‍යකරණ, පහසුකම් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද මෙහි දී පැවසූ අමාත්‍යවරයා මෙම රෝහල් පද්ධතිය තුළ මෙරට සම්පූර්ණ රෝහල් පද්ධතිය තුළ වන ඇඳන් සංඛ්‍යාවෙන් සියයට 75 ක් ඇතුළත් වන බව ද සදහන් කළේ ය.



අදහස් (4)

රෝහල් මානසික නිදහස දෙන තැන් විය යුතුයි

තුෂාර Monday, 10 February 2025 01:32 PM

වැඩිහිටි අයගේ සායන දවසට ඒ අය පෝලිම් වල බාගෙට මැරෙනවා අයියෝ...!

:       0       8

ගුණරත්න Monday, 10 February 2025 01:46 PM

මගේ පවුලේත් ඉන්නවා සෞඛ්‍ය සේවයට සම්බන්ධ අය. ඒ අය කියන්නේ සෞඛ්‍ය සේවයේ විශාල සේවක හිඟයක් තියෙනවා කියල, නිවාඩුවක් ගන්න බැරි තරමට සේවක හිඟයක්, මේකට හේතුව පළපුරුදු නිලධාරියෝ රට අතහැරලා ගිහින්. ඉතින් අමාරුවෙන් වැඩ කරගෙන යනකොට වැඩ අධිකකම නිසා මානසිකව වැටිලා ඉන්නේ. තරහා යනවා සෑහෙන්න. මේ ආණ්ඩුව කරන උනුත් මේ තත්වයට වගකියන්න ඕන.

:       2       9

රනේ Monday, 10 February 2025 02:42 PM

අපේ පොහොසත් ලස්සන රට දුප්පත් වුනේ අපේම වරදින්. අපිම දැන් අපේ රට අළුතෙන් හදමු.

:       0       1

Prishanthi Alahakoon Monday, 10 February 2025 05:06 PM

රෝගියාගේ රෝගය පිළිබඳ දැනුවත් කර බෙහෙත් පිළිබඳ දැනුවත් භාවය වෛද්‍ය සේවයේ දී රෝගියාට සලකන ආකාරය, කතා කරන ආකාරය රෝගියාට respect කළ යුතුයි.. ඒක සිද්ධ වෙනවා private බෙහෙත් ගන්න ගියාම... ආණ්ඩුවේ ඒවගේ සද්දේ ලොකුකම බලන්න ඕනි... මාන්නක්කාරකම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මෙක්සිකෝ බෙක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 573 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 358 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 222 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 පෙබරවාරි මස 10 255 0

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත


චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි
2025 පෙබරවාරි මස 10 1021 0

ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන


IMF විධායක අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 10 211 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site