IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලොක්කන් දෙදෙනෙකුගෙන් වාහනවලිනුත් තෙල් ඇදලා

(සුජිත් හේවාජුලිගේ )

ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ   සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතාගේ නිල රථයෙන් සහ පොලිස් ප්‍රධානියකුගේ මෝටර් රථයෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් ඊ ෙය් (12)  රාත්‍රී ඒවායේ   බට කපා  ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධින් දෙකක්  සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

මෙම සොරකම් සිදුවී ඇත්තේ එම  මෝටර් රථ දෙහිවල  අත්තිඩිය ප්‍රදේශයේ සිය නිවෙස්වල ( නිවාස යෝජනා ක්‍රමයක) නතර කර තිබියදීය.

සහකාර සාමාන්‍යාධිකාරී වීරසිංහ ඒකනායක මහතාගේ නිවෙසට ඊ ෙය්  රාත්‍රී කාලයේ ඇතුළුවූ කිසියම්  පිරිසක් එම මෝටර් රථයේ බට කපා එහි ඉන්ධන ටැංකියේ තිබූ ඉන්ධන ලීටර් 25 ක් සොරකම් කර ඇතැයි ඔහු දෙහිවල පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

මේ අතර නිවෙස් සහ මහාමාර්ගවල නතර කර තැබෙන මෝටර්  රථ ඇතුළු වාහනවලින්  ඉන්ධන සොරකම් කිරීමේ  සිද්ධීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි  පොලිස් මූලස්ථානය පවසයි.

විවිධ ස්ථානවල හුදෙකලාව නතර කර තැබෙන  වාහන සම්බන්ධයෙන් දැඩි  පරීක්ෂාවෙන් පසු වන ලෙස පොලීසිය සියලුම රථවාහන හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

වාහනවලින් ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධීන් දහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී වාර්තාවූ බව  පවසන පොලිසිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිස්  මේ සඳහා වැඩි වශයෙන් සම්බන්ධව සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයිද  ප්‍රකාශ කළේය.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති  පොලීසිය එම නිවෙස් අසල සීසීටීවී කැමරා දර් ශන පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනාගැනිමට කටයුතු කරමින් සිටීයි.



අදහස් (3)

ලොක්කන් දෙදෙනෙකුගෙන් වාහනවලිනුත් තෙල් ඇදලා

C.K.Lankaputhra Wednesday, 14 September 2022 05:37 AM

ඉන්ධනවලින් සොරකම් කරන මහා පරිමාණ සොරුන් අල්ලන්නේ නැතිඑකේ සුළු පරිමාණ සොරුන් හරි අල්ලන එක හොඳයි කියලා හිත හදාගනිමු...

:       0       2

Perera Wednesday, 14 September 2022 05:43 AM

නිලරථයක් කියන්නේ ජනතා දේපළක්.. නිලරථයේ තියෙන ඉන්ධනත් ජනතා දේපළක්. ජනතාව ඒ ඉන්ධන ලබාගෙන නම් වරදක් නැහැනේ...!

:       1       1

Santhu Wednesday, 14 September 2022 10:37 AM

ලොක්කෝ කියන සොක්කෝ තමයි රටේ කරන තරමක් හොරකම් කරන්නේ... ඉතින් කොහොමද හොරෙක් අල්ලන්නේ... හිටිය අයත් හොරු.., ඉන්නෙත් හොරු. එන්න දඟලන්නෙත් හොරුන්මයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 281 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 893 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2194 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 652 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1491 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 169 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site