IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

නව තානාපතිවරුන් 06 දෙනකු  මහ කොමසාරිස්වරයකු , අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු  සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයකු  පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව  අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. ඒ. පී. පී. සේරම් මහත්මියගේ නමද, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එස්.කේ අසාර්ඩ් මහත්මිය‍ගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.

එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මියගේ නමද, ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්න මහතාගේ නමද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.

තවද ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම් ෂහීඩ් මහතාගේ නමද, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස වයි.කේ. ගුණසේකර මහත්මියගේ නමද, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්.පී වල්පිට ගමගේ මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ කර  ඇත.

ඊට අමතරව, පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත.

තවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබාදී තිබේ.


 



අදහස් (1)

ලොක්කෝ තවත් 10ක මැතිසභා අනුමැතිය

Don perea Wednesday, 14 August 2024 08:43 PM

ලෝක හොරුන්ට රට සවාරි... ලන්ඩන් වල එම්බසි එක්ක ගැන දෙයක් නැහැ. ලෝක හොරෙක් මෙහෙ රජ කරනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 142 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1293 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1234 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1248 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1322 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1165 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23238 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site