(අංජුල මහික වීරරත්න)
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා රජය 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන් වෙනුවෙන් සාර්ක් පාලක මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.
කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පාලක මණ්ඩල රැස්වීම පැවැති අතර සාර්ක් සංස්කෘති මධ්‍යස්ථානයේ මෙරට අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති මෙම රැස්වීමට බංග්ලාදේශය, මාලදිවයින, පකිස්ථානය, භූතානය, ඉන්දියාව සහ නේපාලය නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.
2023 වර්ෂයේ සාර්ථක ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබේ.
ඊට අමතරව 2024 වර්ෂය වෙනුවෙන් යෝජිත වැඩසටහන් ඉදිරිපත් කළ අතර චිත්‍රපට උළෙලක්, රෙදිපිළි හා විලාසිතා දැක්මක්, කලාකරුවන්ගේ වැඩසටහන්, පර්යේෂණ හා සම්මන්ත්‍රණ මාලාවක් ඊට ඇතුලත්ව තිබේ.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්
මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලාංකික වැඩකට සාර්ක් පාලක මණ්ඩල අනුමැතිය