IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත.

ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වේ.

වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ(01) ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළේය.

සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.

ධර්මන් ෂන්මුගරත්නම් 2011 වසරේ සිට 2019 වසර දක්වා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.ධර්මන් ෂන්මුගරත්නම් මහතා මුදල් සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද දරා තිබේ.



අදහස් (15)

ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙක් සිංගප්පූරුවේ ජනාධිපති වෙයි

පිටිගල මිලානෝ Saturday, 02 September 2023 01:39 PM

ඇයි හැටනම ලක්ෂයක් අරන් අපේ රටේත් ජනාධිපති වුනේ ඛණිජතෙල් විෂේශඥයෙක්…

:       94       33

කිරිපුතා Saturday, 02 September 2023 02:10 PM

සම්භවේ කෙසේවෙතත් කොටින්ට කඩේ නොයන කෙනෙක් නම් එච්චරයි...

:       24       90

ravin Saturday, 02 September 2023 02:48 PM

ඔන්න දියුණුව කරා යන රටවල ඉහළ තනතුරු සඳහා පත්කර ගන්න අයවලුන්... අපේ රටෙත් එහෙම වෙන්නැති නේද?

:       48       28

Achini Saturday, 02 September 2023 02:48 PM

සිංගප්පූරුවල එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මේක සිංහල බෞද්ධ රට, දෙමළුන්ට ජනාධිපති හෝ අගමැති හෝ වෙන්න බැහැ කියයි. ඔහොම කියලා තමයි අපි අපිටම කෙළවාගෙන තියෙන්නේ...!

:       51       44

SL Saturday, 02 September 2023 02:53 PM

ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම දෙමළ අයෙකුට රටේ නායකත්වය ලැබීමට නොහැකිවන විදියට හදලා තියෙනවා.. කදිරගාමර් මහත්තයාට අගමැතිකම දෙන්න තියෙද්දී දුන්නේ නැතිව හිටිය රටක් මේක. 13 ට වඩා ලංකාවට වටින්නේ, හැමෝටම එක විදියට සලකන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන එක. එහෙම වුණා නම් රටට ලොකු හෙනයක් වෙලා තියෙන ජාති, ආගම් අතර පරස්පරතා යොදාගෙන කරන දේශපාලනය රටෙන් තුරන්වෙලා යනවා. 13න් වෙන්නේ රට තවත් බෙදෙන එක, හැබැයි, හැමෝටම සමාන අයිතිය තියෙන විදියට කරන ව්‍යවස්ථා වෙනසකින් රට තව දියුණු වෙයි...

:       63       44

Mohan Mapa Saturday, 02 September 2023 03:09 PM

සිංගප්පූරුවේ දෙමළ අය ඉන්නේ 5%ක් විතර... ඒත් ජනාධිපති වුණා... අගය කරන්න ඕනේ. කොහොමත් කොටින්ට කඩේ යන එක අන්තිම නරකයි.

:       2       49

බද්රානි Saturday, 02 September 2023 04:16 PM

ඒ වගේ ලොකු දේවල් වලට "ලාංකික සම්භවය" ඇයි, ලාංකික දෙමළ සම්භවය කියලා නොලිව්වේ...? මේ රටේ ඉන්නකම්, ජාතිය අනුව ලේබල් ගහලා පුළුවන් තරම් ගරහලා ඒ මිනිස්සුන්ට මේ රටේ ජීවත්වෙලා ඉන්න බැරි තත්වෙට කටයුතු කරනවා. යහපත් පාලකයින් හා ධර්මිෂ්ඨ ජනතාවක් වෙසෙන සංවර්ධිත රටවලට ගොස් උසස් තැනකට ආවාම තමන්ගේ එකෙක් කරගන්න දඟලනවා.... ඒ කාලේ සිටි ද්‍රවිඩ වෛද්‍යවරු කොතරම් නිහතමානිද...? ද්‍රවිඩ ව්‍යාපාරිකයින් කොතරම් සාධාරණද..? ළුෑනු, මිරිස් පමණක් නොවෙයි මිදි පවා වගාකළ යාපනයේ ගොවියන් කොතරම් උත්සාහවන්තද...? මතකද, ද්‍රවිඩ ව්‍යාපාරිකයින්ගේ දේපොළ හා ව්‍යාපාර මංකොල්ල කෑවා හොර තක්කඩි සිංහලයින්...

:       67       35

ajith Saturday, 02 September 2023 04:35 PM

දැන් ඉතින් අපේ අය හිතයි ලංකාව සිංගප්පූරුව වගේ වෙයි කියලා.

:       40       11

Mohan Mapa Saturday, 02 September 2023 05:13 PM

බද්‍රානි, සිංහල මිනිස්සු නෙවෙයි දෙමළ ව්‍යාපාර මංකොල්ල කෑවේ.. ජාතිවාදය අවුස්සලා, බොරු ජාති ආලය පෙන්නලා ඡන්ද ගන්න. ඒකයි වුණේ. කිසි දවසක පරණ දේශපාලන පක්ෂ තෝරගන්න හොඳ නැහැ ආයිත්...

:       3       89

තවත් පාඨකයෙක් Saturday, 02 September 2023 07:34 PM

මෙම පුවත කියවන ඇතැම් අය නොදන්නා කාරණා කිහිපයක් සටහන් කිරීමට කැමැත්තෙමි. සිංගප්පූරුවේ ජනාධිපති පදවිය නාම මාත්‍රික පදවියකි. විධායක බලය අගමැති පදවිය දරන්නාට හිමිවේ. ප්‍රධාන පෙලේ විදේශ මාධ්‍ය වෙබ් අඩවියකට අනුව, බහුතර ජාතිය චීන අය වන සිංගප්පූරුවේ පාලකයා ලෙස වෙනත් ජාතියකට අයත් කෙනෙකු පත් නොකළ යුතු යයි එහි සමාජ මතයක් පවතියි. ෂන්මුගරත්නම් මහතා‌ නාම මාත්‍රික පදවියකට මහජන ඡන්දයකින් පත්වීමෙන්, ඔහුගේ දේශපාලන ගමන අවසාන වූවා යයි ඔහුට පක්ෂපාතී අය කලකිරී ඇති බවද එම පුවතේ සඳහන් වේ.

:       2       79

සුජිත් භාතිය Saturday, 02 September 2023 08:54 PM

දෙමළ නායකයන් හා සිංහල නායකයන් කලේ බලය සඳහා ජනතාව බේදකළා. ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් බොරදියේ මාළු බෑවා. ජවිපෙ හැර වාමාංශිකයින් බලය බෙදිම න්‍යායට අදාල දෙයක් නිසා 13 න් පස්සේ දිව්වා. නමුත් සමස්ථ සමාජයට සාධාරණ ලෙස බලය බේදීමේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. ලාංකික ජාතියක් සෑදිය යුතුයි...

:       33       13

Rohana Sunday, 03 September 2023 07:26 AM

ලංකාවේ නම් කොතරම් දක්ෂයෙක් වුණත් මෙවැනි තනතුරු දීමේදී ජාතිය, ජන්මය හොයන නිසා සිංගප්පූරුවේ තත්වයට පැමිණිය නොහැක. රට හැමදාමත් අර්බුදයේ ගිලී තියෙන්නේ දක්ෂයින් පස්සට දමා හොරුන් කුඩු වෙළෙන්ඳන්, මිනීමරුවන් වැනි අයටත් පරම්පරා අයිතියටත් තැන දීම නිසායි...!

:       0       1

ranjith Sunday, 03 September 2023 07:28 AM

අපේ රටේ උගතුන්ට ඕනෙම රටක පිලිගැනීමක් තියෙනවා... එයාලා එම රටවලට අවංක සේවයක් කරනවා. අපේ රටේ අවංක උගතුන්ට තැනක් නැහැ. නාකි ජනතාව මුලා කරමින් රට කනවා.

:       0       1

Lalla Sunday, 03 September 2023 01:24 PM

කොටලා තියෙන කොමෙන්ටුවලින් තේරෙනවා සිංහල ජාතිය ළිං මැඩි සංස්කෘතිය තාම බදාගෙන ඉන්න බව.. හිඟා කෑවත් අපි ශ්‍රේෂ්ඨ කියලා හිතාගෙන ඉන්නේ... එහෙම ඉන්නතාක් රටේ ආර්ථික සංවර්ධනය බෑ වගේම මහජාතිය තවතවත් හිඟමනට පත්ව සුලු ජාතිකයින් ආර්ථික බලය අල්ලා ගැනීම වැඩිවෙනවා...

:       0       3

අරුණ කීර්ති Sunday, 03 September 2023 08:14 PM

සිංගප්පූරුවේ හින්දු ද්‍රවිඩයකුට ජනාධිපති වෙන්න පුළුවන් වුණාට මුස්ලිම් කළු ජාතිකයෙකුට ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන් වුණාට... ලංකාවේ ගෝත්‍රිකයින් ඉන්නකන් ඒවා බෑ. ඒ රටවල මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළ යනකොට අපි දුගී බවට පත්වෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 583 2

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 519 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 589 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 808 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3688 8

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 305 1

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site