IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලකුණු 40 ට අඩු වුණාට සිසුවා පාසල් ගේට්ටුවෙන් එළියට

(තුසිත කුමාර ද සිල්වා)

විෂය පරීක්ෂණයකින්   ලකුණු 40 ට අඩුවෙන්  ලබා ගත්තැයි බේරුවල,  මග්ගොන මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් 3 වසරේ ඉගෙනුම ලබන සිසුවකු  පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින්  අද (7) පැමිණිල කළ බව  බේරුවල පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා අද(7) දහවල් පාසලට අනවසරයෙන් ඇතුළු වී  තමන්ට පරුෂ වචනයෙන් බැන  තර්ජනය කළ බවට විදුහල්පතිවරයාද පැමිණිලි කළ බව බේරුවල පොලිසිය කියයි.

ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය දැනුම මැන බැලීම සඳහා  ඒ ඒ  ශ්‍රේණි වෙනුවෙන් පවත්වන පරීක්ෂණ වලින් ලකුණු 40 ට අඩුවෙන් ලබාගත් සිසුන්ගේ දෙමාපියන්ට පාසලට පැමිණෙන්නැයි  දැනුම් දී තිබූ අතර සිද්ධියට මුල් වූ මෙම  සිසුවා ගේ පියාට ද අද දින පාසලට  පැමිණෙන්නැයි දන්වා තිබූණත් ඔහු පාසලට නොපැමිණීම හේතුවෙන්  මෙම සිසුවා පාසල්  ගෙට්ටුවෙන්    පිටමන් කර තිබූ බව පොලිසිය කියයි.

පසුව සිසුවා  අඬමින් අසළ වෙළඳ සලක්  ළඟ සිටියදී ඒ පිළිබඳව වෙළඳසැල් හිමියා එම සිසුවාගෙන් මේ පිළිබඳව  විමසා පසුව  පියාට දුරකතනයෙන්  කළ දැනුම් දීම මත ඔහු දරුවාද සමග විදුහල්පතිවරයා අසලට ගොස් එලෙස කළේ ඇයි දැයි විමසා තිබේ.  පසුව දෙදෙනා අතර කතාබහක් ඇති වී  තිබෙන බවත් ඒ අනුව දෙපාර්ශ්වයම බේරුවල පොලිසියට පැමිණිලි කර තිබේ.  

ලකුණු අඩුවෙන් ලබා ගත් සිසුන්  පන්ති කාමරයෙන් පිටමන් කිරීමට   අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝගයක් කර තිබේදැයි  විදුහල්පතිවරයාගෙන්  පොලිසිය  විමසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ  ළමා හා කාන්තා කාර්යාංශය, විවිධ පැමිණිලි අංශය විමර්ශන සිදුකර යි.
.
බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  පොලිස් පරීක්ෂක සිල්වා ,   කාන්තාඋප පොලිස් පරීක්ෂක කුමාරි, පොලිස්  සැරයන් ලාල්(41068) යන මහත් මහත්මිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (4)

ලකුණු 40 ට අඩු වුණාට සිසුවා පාසල් ගේට්ටුවෙන් එළියට

චන්දන Thursday, 07 September 2023 06:52 PM

විදුහල්පති ප්‍රධාන වැරැදි 2ක් කර ඇත. එකක් ප්‍රාථමික පන්ති සිසුන්ට විභාග පැවැත්වීමට යාම. සම්පූර්ණ වැරැදි. අනෙක පාසලින් එළියට දැමීම. ඒක ඉතා බරපතල වැරැද්දක්... මේවා නොදන්නා විදුහල්පතිලා ඉන්න පාසල් තව කොච්චර තියෙනවාද?

:       2       55

NimalThursday, 07 September 2023 07:06 PM

සෑම පුද්ගලයකුගේම, වැඩිහිටියකු හෝ දරුවකුගේම මනස එක සමානව ක්‍රියා නොකරයි. ලකුණු 40ට අඩුවෙන් ගැනීම පිළිබඳව සිසුවා පාසලින් පිටකිරීම මානුෂීය ක්‍රියාවක් නොවේ...

:       2       49

ravin Thursday, 07 September 2023 09:37 PM

විදුහල්පති තනතුරට පමණක් නොව ගුරුවරයෙකු ලෙස පත්කිරීමට වත් නුසුදුස්සෙක්. කාගෙහරි පන්දමකට ලබාගත්තු විදුහල්පති කෙනෙක් වෙන්නැති නේද? ඉස්සෙල්ලාම විදුහල්පතිව පාසලකට යවන්න ගුරුවෘත්තිය පිළිබඳව ඉගෙනගන්න.

:       0       6

Lalla Friday, 08 September 2023 08:48 AM

පිනාට පිස්සු... පළාතේ මිනිස්සු කැලෑ නීතිය ක්‍රියාත්මක කළොත්...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරක්ෂක කුටි ඉවත් කරයි
2024 ඔක්තෝබර් මස 13 32 0

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.


බල කණු ඇද වැටුණු පුත්තලම් පොර පිටිය
2024 ඔක්තෝබර් මස 13 308 0

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ


ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 1257 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 1373 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 409 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 218 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26052 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 299 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1343 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site