(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමිනි
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින අතර එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවද, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවද කියා සිටියේය.
තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බව කී ජනාධිපතිවරයා ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණය සමඟ එක්ව නවෝත්පාදනය කළ සමාගම් ලෝකය ජයගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ පළමු සමාගම් 10න් 5ක්ම තාක්ෂණය පදනම් කරගත් සමාගම් බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ විෂය නොසලකා තිබූ බවත් ලෝකයේ දියුණු රටවල් තාක්ෂණ විෂයට මුල් තැනක් ලබාදී සංවර්ධනය කරා ගොස් ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි
ජිල්බු Wednesday, 08 January 2025 06:48 PM
සෑර් සහෝදරය අපිට අනෙකා දියුණු වෙනකොට බලං ඉන්න බැරිකම, අපේ කුහකකම, ඉගෙන ගත්තත් තියෙන බයි ගතිය, මිත්‍යා විශ්වාස වගේ ඒවා මාර්කට් කරොත් ආර්ථිකේ මාස තුනෙන් ගොඩ...
යෝගා Thursday, 09 January 2025 06:17 AM
ඔය ටික කියන්න ලියලා දුන්නේ මහ බැංකු අධිපති තුමාද? කියන්න පුළුවන් වුණාට කරගන්නනේ බැරි.
Kasun Thursday, 09 January 2025 06:34 AM
තව ගොඩක් ආව දැනගෙන හිටියා... සියට 70 කින් විදුලි බිල අඩු කරන හැටි... මෙයාගේ කොන්දේසි වලට අයිඑම්එෆ් ණය ගන්න හැටි. කොමිස් නැතිව මිල බස්සන හැටි.. එකි නොකි සියලු දේ දන්න කෙනෙක් තමයි මෙයා
සෙනෙවිරත්න Thursday, 09 January 2025 12:44 PM
ඇයි මේ කුහක ඒවා කරන්නේ. මේවා කෙරෙනවට දුකයි වගේ නේද, අනුරට කවුරුත් මේවා ලියලා දෙන්න අවශ්‍යය නැහැ. ඒක සජිත්ට රනිල්ට තමයි අදාල. මේව කෙරෙනවට කුහක කතා එපා .
Gavin Thursday, 09 January 2025 05:24 PM
සෙනවිරත්න අපුල්ලන්න හෝදන්න පටන් අරන්
Kamal Thursday, 09 January 2025 06:00 PM
සෙනවිරත්නට හොඳට හෝදන්න පුළුවන්
Pankumburage Thursday, 09 January 2025 06:20 PM
රනිල්ට උපදේශකයො 82 ක් ද කොහෙද හිටිය ඕක ලියල දුන්නෙ නැහැ නෙ. කුහකකම.
සාලිය Friday, 10 January 2025 07:41 AM
E traffic app එක playstore තියෙනවද?
PRASANNA Friday, 10 January 2025 08:31 AM
තවත් උණු උණු පචයක්!