(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන 13 වන ලෙබනන් සාමසාධක කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ව පනාගොඩ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සම්මාන පෙළපාලියක් පිරිනැමීය.
නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 115 මෙම කණ්ඩායමට ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, පාබල රෙජිමේන්තුවල යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය යුධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රි ක ඉංජිනේරු බළකාය, පොලිස් හේවා බළකාය, පොදු සේවා බළකාය, කාන්තා බළකාය යන රෙජිමේන්තු යන රෙජිමේන්තු නියෝජනය කරන බව යුද හමුදාව පවසයි.
එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්.එම.ඩී.එන් සමරකෝන් මහතා කටයුතු කරයි.
පළමු වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරුබළකායේ මෙහෙයුම(UNIFIL) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා භටපිරිස් නියෝජනය කිරිම මෙම කණ්ඩායමෙහි විශේෂත්වය වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරිණියක් සහ සෙබළියන් 07 දෙනකු මෙම කණ්ඩායමට ඇතුලත්වී ඇත
මෙම පෙළපාලිය සහභාගී වු පිරිස කණ්ඩායම කණ්ඩායම් දෙකක් වශයෙන් දිවයිනෙන් නික්ම යාමට සැලසුම් කොට ඇති අතරල ඉන් පළමු කන්ඩායම 2022 පෙබරවාරි මස 05 වන දින හා අනෙක් කණ්ඩායම මාර්තු මස පිටත්ව යාමට නියමිතව ඇත.
ඡායාරූප රුසිරු කොළඹතන්ත්‍රිගේ
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෝකයේ සාමය රකින්න යන අපේ රණවිරුවෝ
janis Monday, 31 January 2022 05:58 AM
ඔහොම කියන්නේ පඩි ගෙවන්න සල්ලි නැති නිසාද?
Mahesh Monday, 31 January 2022 09:17 AM
ලෝක සාමය රකින්න කලින්, රටේ සාමය රැකලා හිටියා නම් නේද හොඳ...? ලොකු ලොකු ටෝක් නම් තියනවා. හැබැයි රට බල්ලට ගිහින්...
samanMonday, 31 January 2022 02:36 PM
ඇයි රටේ සාමය හොඳට තියෙන්නේ? නිකන් කුහක වෙන්න එපා.. රට බල්ලට යන්නේ ඔහෙලා වගේ සෘණාත්මක අදහස් තිබෙන අය නිසා.
MaheshWednesday, 02 February 2022 08:25 AM
ළිඳේ ඉන්න ගෙම්බන් දන්නේ ඒ ළිඳ ගැන විතරයි සමන්...