IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසියට හැරවිය යුතුයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැතැයි ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තීරණය ගත්තොත්  ලෝකය සමග ඉස්සරහට යන්න පුළුවන් බවද දොලවත්ත මහතා කීය.

යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් දරුවන්ට දැනුම ලබා දුන්නොත් පමණක් බව ද දොලවත්ත මහතා පැවසීය.



අදහස් (17)

ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසියට හැරවිය යුතුයි

Sunil Thursday, 01 December 2022 04:22 PM

ගත යුතුම පියවරක්. අදියර කිහිපයකින් හෝ කළ යුතුමයි.

:       2       5

Sanath KandyFriday, 02 December 2022 11:04 AM

කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගේන වෙලාවේ ජාතියේ පියා කියන ඩී. එස්. සේනානායක කීවෙත් ඔහොම කතාවක්.

:       0       4

Sanath KandyFriday, 02 December 2022 12:04 PM

මේ අදහස මම දැම්මේ පහළ තියෙන ර්සල් සේනානායකට පිළිතුරක් විදිහට​... වැරදි තැන පල කරලා තියෙන්නේ.

:       0       2

Russel Senanayake Thursday, 01 December 2022 04:27 PM

කබ්බො රජ කරවන්න එපා. සාමන්‍ය අයට සින්හලෙන් හෝ දෙමළ බාසාවෙන් උගන්වල ඉහළ පවුල් වල දරුවන් ට පමනක් ඉන්ග්ග්‍ග්‍රීසියෙන් උගන්වන්න.

:       3       2

Sanath KandyFriday, 02 December 2022 12:01 PM

කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගේන වෙලාවේ ජාතියේ පියා කියන ඩී. එස්. සේනානායක කීවෙත් ඔහොම කතාවක්.

:       0       3

"කඩ්ඩ-පොළිෂ්" Thursday, 01 December 2022 04:39 PM

ලෝකෙටම ඇත්තේ එක ශ්‍රී ලංකාවකි. අනෙක් රටවල් අතර සිංහල භාෂාව ඇති එකම රටද ශ්‍රී ලංකාවයි. සිංහල බසට අද ඉංග්‍රීසි කෑලි එකතුව සුද්ද සිංහල වී ඇත. ඒවත් සිංග්ලිස්‍ වෙලාය. නැන්දා 'ඇන්ටි' වී ඇත.. මාමා 'අංකල්' වී ඇත. රූපවාහිනි වෙළඳ දැන්වීම අද 'සිංග්ලිස්' වෙලාය. නමුත් අත්දෙකම එකතුකර "ආයුබෝවන්" කියා කිව හැක්කේ අභිමානයෙන්ම ලෙංගතුකමකින් සිහළ බසින් පමණි..!

:       6       2

චන්දන Thursday, 01 December 2022 05:05 PM

ඔව් ඔය වගේ කලු කෝටි කාරයො ඇමරිකාව ට වැඩ කරන බව අපි දන්නවා .

:       6       1

Yasoma priyanjani Thursday, 01 December 2022 06:38 PM

කතාව ඇත්ත, දැන් අවුරුදු කියියක් කතා කරනවද.?

:       1       5

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 December 2022 07:03 PM

සිංහල භාෂාවේ මළගම තවත් වසර 50 කින් පමණ සිදුවෙතැයි උගතුන් බුද්ධිමතුන් ප්‍රකාශ කරනා අවස්ථා තිබෙනවා.රට විනාශ කළ හා බංකොලොත් කළ දූෂිත කණ්ඩායමේ සිටි ඇතැම් දෙනාට සිංහල භාෂාව ගැන දැනීමක් වටිනාකමක් අගයක් නැති වුණාට හැමෝටම එසේ වෙන්නේ නැහැ.වාග් විද්‍යාව අනුව භාෂාමය අනන්‍යතාව නැති විටදී ජාතික අනන්‍යතාව නැතිව යනවා.ඉංග්‍රීසි මේ රටේ හොඳින් ඉගැන්වීම හා භාවිතා කළ යුතුයි.ඒත්,ඒ නිසාම සිංහල භාෂාව පසෙක දමා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ම වැඩ නොකළ යුතුයි.රට බංකොලොත් කළ හොරුන් අල්ලා,හොරකම් කළ මුදල් ලබාගෙන රට ගොඩ දාගන්න පුළුවන් බව මේ විකාර කියවන ඇතැම් බහු බූත අයට නොපෙනෙන්නේ මන්ද ? හොරුන් ඇල්ලීම ගැන කතා වානා.හොරුන් රකින බහුබූත කතා තමා ඕනා.

:       2       3

sampath Thursday, 01 December 2022 08:28 PM

ඔය කතාාවහිතලුවක් ජපන්නු ජර්මන් චින ඉන්දියාව දියුනුඋනෙ බාශාව නිසා නොවේ කෙසේ වෙතත් ඉංග්‍රීසි වලට වැඩි සැලකිල්ලක් දීම සුදුසුයි එහෙම නැත්නම් තවත් විනාශයකට අත වැනීමක්

:       0       3

lankasri Friday, 02 December 2022 03:59 AM

අනෙ මේ වගේ මෝඩයින්. අධ්‍යාපනය ඉංග්‍රීසියට හැරවීමම බුද්ධාගමෙ අවසානයයි. නිවන් දැකලත් ඉවරයි එහෙනම්. සිංහල භාෂාව කියන්නෙ බුදුන්ගෙ භාෂාවෙන් පැවත එන එකක්. එය තව තවත් නගාසිට වියයුතුයි බුද්ධාගම පැවත්වා ගැනීමට නම්. ධර්මය තෙරුම් ගැනීමට අද ලෝකයෙ ඉතිරිවී ඇති එකම භාෂාව සිංහල පමනයි. බුද්ධාගම යනු ලෝක සත්‍යයයි. අද පවතින ආර්තික ප්‍රශ්න වලට ලංකාවට මූන පෑමට සිදුවී ඇත්තේ භාෂාවේ ප්‍රශ්නයක් නිසා නොව තක්කඩි පාලකයින් රට සූරන් කෑම නිසාවෙනුයි. ඔවුන් වැඩි දෙනා නමට පමනක් බෞද්ධයින් වූ බැවිනි. ක්‍රියාවෙන් ඔවුන් වසලයෝය. පර භාෂාවක් වූ ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යක් වේ නම් එය නගාසිටුවීම විනා සිංහල භාෂාව වෙනුවට ආදේශ කිරීම හිසේ රුදාවට කොට්ටය මාරු කලා වැනිය. අපි අමතක නොකල යුතු දේනම් අද ඉංග්‍රීසි ජාතිකයින් බොහෝ දෙනෙකු සිංහල භාෂාව සහ පාලි භාෂාව ඉගෙන ගනිමින් සිටින බව ඔවුන්ට බුද්ධාගම ඉගෙන ගැනීමට අවශ්‍ය නිසා. බුද්ධගමෙ සියලු වචන අර්ත වලට ඉංග්‍රීසි භාෂාවෙ වචන නොමැත. එනම් 'නිවන' අන් බසකින් වැසී යෑම ඒකාන්තයි.

:       3       1

Hemantha Friday, 02 December 2022 06:14 AM

ලෝකය සමඟ ඉස්සරහට කෙසේ වෙතත් සියළුම වෘත්තිකයන් රට පැන ගන්න එක නම් වේවි. ඉස්සෙල්ලා රටේ නිශ්පාදන ආර්ථිකයක් හදපල්ල. එතකොට ඕන භාෂාව ඉගෙන ගත්තත් මිනිස්සු රටේ රැඳේවි. මතක තියාගන්න ජපානයේ, දකුණු කොරියාවේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඉංග්‍රීසි උගන්නන්නේ කැමතිම නම් විතරයි.

:       1       3

Dinesh Friday, 02 December 2022 06:21 AM

එහෙම කරන්නෙ කොහොමද? මේක සිංහල රට බොලව්. ඉංග්‍රීසි දෙමළ සේරම උගන්වන එක තහනම් කරලා දාන්න ඕනි.

:       4       0

Perera Friday, 02 December 2022 07:31 AM

බණ්ඩාරණායක 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කළාට අද එය ක්‍රමක්‍රමයෙන් හැකිලීගෙන යනව වගෙයි.

:       1       2

de silva Friday, 02 December 2022 09:01 AM

යුරෝපේ, ඇමරිකාවේ පමණක් නොව අරාභීකරයේත් ඉංග්‍රීසි නැතුව බැහැ.

:       0       3

Sugath Friday, 02 December 2022 11:20 AM

100% ක් එඟයි මේ ප්‍රකාශය සමග. අද මේ ඩිජිටල් විප්ලවයත් සමග වේගයෙන් දියුණු වෙන අනිකුත් රටවල් සමග එක ගමනක් යන්න නම් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය අනිවාර්යයි. හොඳම උදාහරණය අපේ අසල්වැසි ඉන්දියාවේ බහුතරයක් ඉංග්‍රීසි මාධ්‍යෙයන් අධ්‍යාපනය ලබන්නේ. ඔවුන් ගෝලීය වෙළඳපොළ ටාගට් කරලා ප්‍රොෆෙෂනල්ස්ලා හදන්නේ. දොස්තරලා ඉන්ජිනේරුවෝ පමණක් නොවෙයි. නර්ස්ලා, ටීචර්ස්ලා, ඩිසයිනර්ස්ලා, ටෙක්නීෂියන්ලා, සේල්ස් ප්‍රොෆෙෂනල්ස්ලා වගේ හැම පොශිෂන් එකටම ඉංග්‍රීසින් දන්න අය බිහි කරනවා. ලෝකේ කොහේ ගියත් හැම පොශිෂන් එකටම ඉන්දියන් අය ඉන්නවා. මේ අධ්‍යාපන ක්‍රමය නිසා ඉන්දියාවට හොඳ විදේශ විනිමයක් ලැබෙනවා. ඩොලර් ප්‍රශ්න නැහැ. එපමණක් නොවෙයි. උසස් අධ්‍යාපන කටයුතු කරගන්න හොඳ පොත්පත් පරිශීලනය කරන්න හැම අතින්ම පහසුයි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන එක. අපේ කමට, ආගමට ඒක බලපාන්නේ ්නෑන. පොලොවේ ය ගහලා ඉන්නවනම්.

:       0       1

Zeehaara Tuesday, 06 December 2022 05:42 PM

කොච්චර හොද අදහසක් ද...අපේ දරුවෝ ලෝකෙට යන්න නම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කරන්න ඕන...නැත්නම් අපේ දරුවෝ පස්සට යන එක වලක්වන්න බැරි වෙයි....ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලා ජාතියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමත්...අද කාලේ හැටියට අනිවාර්යයෙන් ඉංග්‍රීසි අතවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 104 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 157 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 195 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 45 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 186 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1267 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site