IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට  පැවසීය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය අනුව සිටියේ 136 වැනි ස්ථානයේය. එම ස්ථානය මේ වර්ෂය වනවිට 149 දක්වා ඉහළ ගොස් ඇතැයිද මහාචාර්යවරයා  කීවේය.

ලෝ ප්‍රකට හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය  රටවල් 184ක් යොදාගෙන මෙම ගණනය කිරීම කර ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය තුළ 2010 වර්ෂය වන විට සිටියේ 95 වැනි ස්ථානයේ බවත්  2020 වන විට එය  117 වැනි ස්ථානය  දක්වා ඉහළ ගිය බවත්  ඔහු කීවේය.

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ආසියානු පැසිපික්  කලාපයේ රටවල්  39 අතර  ශ්‍රී ලංකාව සිටින්නේ 34 වැනි තැන බවද   වසන්ත අතුකෝරල මහතා පැවසීය.

හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතනය නීතියේ ආධිපත්‍ය රජයේ ක්‍රියාකාරීත්වය නියාමන කාර්යක්ෂමතාව සහ  විවෘත වෙළදපොළ යන ප්‍රධාන විචල්‍යයන් හතරක් පදනම් කරගෙන  මෙම ගණනය කිරීම කර ඇත.

මෙම දර්ශකය අනූව  ඉන්දියාව  126 වැනි ස්ථානයේද නේපාලය 130 වැනි ස්ථානයේ ස්ථානයේද පකිස්ථානය 147 වැනි ස්ථානයේද පසුවන බව පැවසේ.

ස්විට්සර්ලන්තය සිංගප්පූරුව අයර්ලන්තය තායිවානය ලක්ෂෙම්බර්ග්  නවසීලන්තය ආර්ථික නිදහස ඉහළින්ම ඇති රටවල් ලෙස  එම ආයතනය හඳුන්වා දී ඇත.

දේශීය ආයෝජනය ශක්තිමත් නොවීම සහ  විදේශීය ආයෝජකයන් සැලකිය යුතු පරිදි රට තුළට නොඒම වැනි කාරණාද  ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් තුඩුදී ඇතැයි සඳහන්වේ.



අදහස් (8)

ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා

යෝගා Saturday, 02 November 2024 01:37 PM

බයවෙන්න දෙයක් නෑ, මාලිමා පචෝරිස්ලා යටතේ ලබන අවුරුද්ද වෙනකොට ලංකාව ඔය ලිස්ට් එකේ තියා ලෝක සිතියමේ වත් හොයාගන්න බැරිවෙයි.

:       30       20

Rawidu Saturday, 02 November 2024 03:37 PM

පුනරුදය නැගලා යනවානේ... තේරුම් ගන්නකෝ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...

:       9       18

Chandanie Saturday, 02 November 2024 05:42 PM

විවෘත ආර්ථිකය විවේචනය කරමින් කටයුතු කරපු ඇත්තෝ බලය ලබාගෙන තියෙද්දී අපි මොකටද බයවෙන්නේ 14 වෙනිදා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පිහිටුවා ගත්තාම ඔක්කෝම හරියාවි... බබාලා චුට්ටක් ඉවසන්නකෝ...!

:       14       23

lasa Saturday, 02 November 2024 06:44 PM

ඔය තියෙන්නේ රට දියුණු කරපු රග කට්ටිය අවුරුදු 70 ගාණක්. ලැජ්ජා නැතුව තවත් එනවා ඡන්දේ ඉල්ලන්න. පරණ ආණ්ඩු කරපු එකෙක් වත් එපා විපක්ෂයටවත් ආයෙත්...

:       14       27

Saman Saturday, 02 November 2024 11:13 PM

පිස්සු කෙළින්න එපා. ඉන්ධන මිල මාර විදිහට බැස්සුවා. බිත්තර, පොල්, හාල් මිල හොර කොමිස් අයින්කරලා ජනතාවට සහන දුන්නා. පුනරුදය අතළඟ... නිකන් පිස්සු කරන්න එපා. කුහක වෙන්න එපා... ඉවසලා ඉන්න

:       0       5

Perera Sunday, 03 November 2024 12:23 AM

මේ අගාධයෙන් රට ගොඩගැනීමට මාලිමා කණ්ඩායමට නොහැකි වුණොත් රට ගොඩගැනීමට හැකි පක්ෂයක් හෝ නායකයෙක් පෙනෙන මානයේ නැත...

:       3       2

mohan Sunday, 03 November 2024 08:13 AM

මේවාට ප්‍රධාන හේතු හොයලා නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැතිනම් පවතින ආණ්ඩුවත් පරාජය කරමු. 76ක් පාලනය කරපු පල් හොරුන්ට කළා වගේ...

:       2       3

Damith Sunday, 03 November 2024 08:47 AM

පුනරුදය එනවා සත්තයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ- වීඩියෝ යවලා
2025 ජනවාරි මස 05 330 0

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්


ව්‍යාජ නෝට්ටු සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 05 125 0

දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකක


ගිනි අවියක්- මැගසීනයක්-උණ්ඩ රෙදි සෝදන යන්ත්‍රයකින් මතුවෙයි
2025 ජනවාරි මස 05 526 0

මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්,


දිවයිනේ බොහෝ ප්‍රදේශයට වැස්ස නෑ
2025 ජනවාරි මස 05 97 0

සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කළුතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බ


දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්
2025 ජනවාරි මස 05 477 0

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති


ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ
2025 ජනවාරි මස 05 1125 0

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම ක


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 417 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 204 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site