IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


‘ලංකාව ආසියාවේ හොඳම ගුවන් ,නාවික කේන්ද්‍රය කරනවා‘

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊට අදාල සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ආසියා කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස් කම් සැලකිල්ලට ගනිමින් මෙි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “කොළඹ - උතුරු වරාය 30 අවුරුදු සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමේ උත්සවයේදී ය.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ජාතික සංවර්ධන සැලැස්මට අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සහ බටහිර බහලුම් පර්යන්තයේ  සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2030 වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීම අපේක්ෂාවයි. 

 



අදහස් (10)

‘ලංකාව ආසියාවේ හොඳම ගුවන් ,නාවික කේන්ද්‍රය කරනවා‘

පිටිගල මිලානෝ Sunday, 23 April 2023 01:39 PM

කරලා ඉවරවෙලා පම්පෝරි ගහන්න. හොඳටම කරේ දරුවා වඩාගෙන වැල්පාලමේ යන එක විතරයි...

:       8       15

Bamunuarachchi Sunday, 23 April 2023 02:25 PM

ඔව් ඔව් ලංකාව ආසියාවේ හොඳම දේවල් වලින් පිරුණු රටක්‌ කරන්න හදන්නේ... ලෝකෙම දූෂිත දේශපාලඥයෝ. කරන්න පුළුවන් වෙයිද?

:       5       12

Kumara Sunday, 23 April 2023 02:36 PM

අවුරුදු ගාණක් අගමැති වෙලා ඉඳලා මොකද කෙරුවේ?

:       4       13

sweneMonday, 24 April 2023 01:47 PM

බලාපොරොත්තු ගැන කයිය ගහන්න දෙවියා. වොක්ස්වැගන් ෆැක්ටරිය අමතකද?

:       0       1

kamal Sunday, 23 April 2023 02:46 PM

ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.

:       5       9

kamal Sunday, 23 April 2023 02:46 PM

ආසියාවේ හොඳම එක නම් අපිට මදි පිනෝ, ලෝකෙන්ම හොඳම එක කරන්න.

:       5       7

ගමේ එකාලා Sunday, 23 April 2023 04:09 PM

කරන හැටි බලන්න බැරියැ. කලින් හිටපු අයත් ඔය වගේ සුරංගනා කතා කිව්වා. මහින්ද චින්තනය, දැනුමේ කේන්ද්‍රස්ථානය, තාරුණ්‍යයට හෙටක්, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම, අන්තිමට කරපු මගුලක් නැහැ. බලයට එන්න ජනතාව රවට්ටපු එක විතරයි සිද්ද වුනේ?

:       1       1

Chathuri Monday, 24 April 2023 01:46 AM

අගමැතිකම.... කීපාරක් කෙරුවද?... ඒ කාලේ රට හොඳට තිබුණා. එතකොට කෙරුවේ රට හොරා කාපු එක... දැන් රට බංකොළොත්... මෙයා අහස් මාලිගා තනනවා. නාකි නඩේ හිතන් ඉන්නේ ජීවිත කාලය කියන්නේ අවුරුදු දෙසීයක් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා... මේ නඩේ විතරක් නොමැරෙන ගාණට ඉන්නේ... කට්ටියම වලපයයි ගොඩපයයි. මුළුරට උගස් කරලා අනිත් ටික වටවෙලා බෙදාගෙන කාලා. දැන් මොනවා රකින්නද? නාකි මයිනා රැකගෙන ඉන්න. මහ ලොකු උගතා. ආයතන උගස්කරන් කාලා ලෝකෙට පොල් කට්ට අල්ලනවා හිඟාකන්න. මොවුන්ට ලොකු වීරකමක්... ලෝකෙන් ණය ඉල්ලනවා කියන්නේ... මොවුන්ගේ නූගත්කම එතැනින් පෙන්වන්නේ...

:       1       1

PODDA Monday, 24 April 2023 08:27 AM

යහපාලනේ කාලේ කුරුණෑගල වොක්ස්වැගන් කාර් කම්පැනි දැම්මා වගේද?

:       1       1

Perera Monday, 24 April 2023 10:27 AM

මෙයා ඕවා කරනකන් ජනතාව ඉඳගෙන බලාගෙන ඉන්න හොඳේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 201 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 809 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 848 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 717 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1512 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 595 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 95 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 220 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site