IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලංකාවේ කුළු බඩු රස බලන්න චීනයේ පනහක් එති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කුළු බඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගැනීම සඳහා චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව මෙම නියෝජිත පිරිස සාකච්ඡා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා සමාගම් වන අතර ඊට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලාංකික  කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

50 දෙනකුගෙන් සමන්විත එම චීන  නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුළුබඩු  ලෝකයේ උසස්ම කුළු  බඩු ලෙස නම් කළ හැකි බවයි.

ලාංකික  කුළු බඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහල දැමීමට පියවර ගත යුතු අතර අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බව චීන නියෝජිතයින් මෙහිදී සඳහන් කර ඇත.

එම චීන නියෝජිතයෝ  බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල ද නිරීක්ෂණය කළහ.



අදහස් (4)

ලංකාවේ කුළු බඩු රස බලන්න චීනයේ පනහක් එති

Hemantha Friday, 22 December 2023 02:25 PM

දෙන්න එපා ඔක්කොම විස්තර ගෙඩි පිටින් .ඊට පස්සේ ඉන්දියාවෙන් බදු අරන් අපිටම හදලා එවයි ලාබෙට

:       0       24

Kule Friday, 22 December 2023 02:46 PM

විශ්වාස කරන්න එපා චීනෙම වවලා සියල්ල සකසලා අපටයි, ඉන්දියාවටයි මුළු ලෝකයටම කුළුබඩු චීනෙන් බෙදාහරියි. අනික චීන ආහාරවලට කවුද අපේ කුළුබඩු එක්කරන්නේ...?

:       0       18

චතුරි Saturday, 23 December 2023 02:21 AM

අපේ වටිනා කුළුබඩු. චීනාට දීලා. නුඩ්ල්ස් අර ගන්න. චින රජයට සල්ලි නැතිවාට නෙමේ මේ දේවල් කරන්නේ, ලන්කාව පාලනය කරන්නේ මීහරක් රෑනක් බව හොඳට දන්නා නිසා. ඉදිරියේදි මේ. දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා. පොල් බිත්තර. ඒ වගේ තමයි... මේවාත්. චීනා දුරබලන කෙනෙක්. අපේ අය බිත්තර නැහැ කියලා දන්නේ... කන්න ගියාම. ඒ අපේ අයගේ හැටි. චීනා මේ කුළුබඩු හදලා මුලු ලෝකෙටම බෙදයි. එදාට මීහරක් රෑන කෑ ගහන්න ගනියි. අපිව රැවැට්ටුවා. අපේ හොඳම සම්පත් අරන් ගියා කියලා. අර සුද්දාට බනින්නේ... රටේ හැමදේම හුරන් අරන් ගියා කියලා. මී හරක් රෑන ලැජ්ජා වෙන්න ඕන මේ වගෙ දේවල්වෙනකොට බිත්තරයක් නැති රටක් ලෝකේ කොහේවත් නැතිව ඇති. ඒ වුණාට කියන්නේ රට දැන් තිබුණාට වැඩිය හොඳයිලු...

:       0       1

Bamunuarachchi Saturday, 23 December 2023 10:04 PM

හම්බයොත් ඔහොම කුළුබඩු හොයන්න ලංකාවට ඇවිත් තමයි හිටියේ... දැන් ඔවුන් මුළු රටම මුස්ලිම් කරන්න හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1216 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2169 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 439 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site