IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලංකාව ගැන ඇමෙරිකා සංවිධානයක හිත උණු වෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ Latter-day saint charities සමාගම අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සුෂුම්නාව තුවාල වූ පුද්ගලයන් සඳහා විශේෂ වූ රෝද පුටු සපයා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ අදාල සංවිධානය අතර එළැඹ ඇති ගිවිසුමේ විධිවිධාන පරිදි මේ වන විට රෝද පුටු සහ වෙනත් සංචලන ආධාර තොගයක් පරිත්‍යාග වශයෙන් ලංකාවට ලැබී ඇතැයි රජය පවසයි.

පසුගිය කාලයේ මුහුණ දුන් උග්‍ර පිළිකා ඖෂධ හිඟය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත එකී ඖෂධ වර්ග 13ක තොගයක්ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි  සැකයුම්කරුවන් හරහා පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලබාදීමට අදාල සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව පිළිගත් පටිපාටිය අනුගමනය කරමින් අදාල පරිත්‍යාගය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්ව ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී ඇත.

 



අදහස් (2)

ලංකාව ගැන ඇමෙරිකා සංවිධානයක හිත උණු වෙයි

පාඨකයෙක් Thursday, 25 January 2024 10:45 AM

පුවතේ සඳහන් සමාගම, ඇමරිකා එක්සත් ජනපදයේ 19 වන සියවසේ බිහිවුණු ක්‍රිස්තියානි නිකායක එක් අංශයකි. එම පල්ලියේ නිල නාමය Church of Jesus Christ of Latter-day Saints වන අතර, පොදු ව්‍යවහාරයේදී එම පල්ලියේ සාමාජිකයන් Mormons ලෙස හැඳින්වේ. ඔවුන් බයිබලයට අමතරව ඔවුන්ගේ නිකායට ආවේනික ග්‍රන්ථයක් ද ආගමික ඇදහීම් සඳහා භාවිතා කරති. ශ්‍රී ලංකාවේ ද මොවුන්ගේ ආගමික ස්ථාන කිහිපයක් තිබෙන අතර, දැනට ලොව වැඩි ම ධනයක් සතු පල්ලිය ලෙස හැඳින්වේ. එම සංවිධානයේ මූල්‍යම කටයුතු පිළිබඳව The Sydney Morning Herald පුවත්පතේ 2022/10/29 වන දින පළ වූ ලිපියක් අන්තර්ජාලයේ ඇත.

:       1       2

Kumar Thursday, 25 January 2024 09:20 PM

මෙම ක්‍රිස්තියානි නිකාය දුගී අයට මුදල්දී එම නිකායට හරවා ගන්නවා. හවායි දූපත්වල මෙම ආකාරයට මුහුදුබඩ ඉඩම් අල්ලා ගත්තා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1679 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4535 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3368 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3493 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site