(නිමල කොඩිතුවක්කු)
රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ සංවර්ධනය ගොඩනැගිය හැකි, තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි, රට ජාත්‍යන්තරයට ගෙන යාහැකි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පකෂයේ උප නායක විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද(19) පැවසීය.
රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ප‍්‍රසිද්ධම පුද්ගලයා වෙනුවට සුදුසුම කෙනා ජනපති කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළකළේ, අද(19) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තරුණ දේශපාලන ක‍්‍රියාකාරී හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද කීවේය.
”2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප‍්‍රතිලාභ ලබා දුන්නා.
අද වනවිට වසර 25 ක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙසත් මම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය නිසයි. වසර 36 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට සේවයක් කිරීමට හැකිවීම ගැනත් මම සතුටු වෙනවා.
ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප‍්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කළ යුතුයි. ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි.
ඒ අනුව වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කළ යුත්තේ. ඒ නිසා මම අහවලා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කල යුත්තේ. රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙනයාහැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පකෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ
අද රටේ දැවෙන ප‍්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටළු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටමගැටළු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි.
යම් යම් පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප‍්‍රධාන ගැටළුව. එක පිස්සෙක් ඇති රටේ සමගිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇතිවුණේ ඒ වගේ තත්ත්වයක් තමයි.
සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් අපි ඉදිරියට ගිහින් නැහැ. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල් තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ.
අද තරුණ තරුණියෝ ඇවිත් කියන්නේ අපිට රජයේ රැකියා ලබා දෙන්න කියලා. මේ වනවිට රජයේ සේවකයින් ලක්ෂ 15 ක් පමණ සිටිනවා. රට ඉදිරිපට ගෙනියන්න රජයේ සේවකයින් ලක්ෂ 5 ක් 6ක් ප‍්‍රමාණවත්. රටේ ආදායමින් 75% ක් යන්නේ රජයේ සේවයේ වැටුප් වලට. ඉදිරි 25% විශ‍්‍රාම වැටුප් ගෙවනවා. කොහොමද රටේ සංවර්ධනයක් කරන්නේ’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර
වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා
මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
‘ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාහැකි අයෙක් ජනපති අපේක්ෂකයා කරනවා’