(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) තීරණය කර ඇත.
එම සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්හ.
නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසකි.
ශ්‍රී ලාංකේය තරුණයා ඉහළ නිපුණත්වයකින් යුතුවන හෙයින් ඔවුන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
කොරියාවට එන ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක අයවීම වැදගත් බව පැවසූ ඔවුහු රජය මැදිහත්වී නිසි වෘත්තීය පුහුණුවක් මලබාදී ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමුකරන ලෙසට ඉල්ලීමක් කළහ.
එසේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් දෙන බවටද එම නියෝජිතයෝ මෙහිදී සහතිකවූහ.
නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා දකුණු කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් හිමිවන බවත් නියෝජිත පිරිස මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංකාවේ තරුණයන්ට කොරියාවෙන් ඉල්ලමක්