(චන්ද්‍රසිරි ගුණසේකර)
ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලැබූ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයවූ ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරම්භ කරනු ලැබීය.
ඇදන් හයක දැඩිසත්කාර ඒකකය සමග ඇදන් 400 කින් යුත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ අනුග්‍රගයෙන් ඇල්පිටිය ප්‍රාදේශිය සභාව මගින් ලක්ෂ එකසිය හැත්තෑවක් වැයකර තිබේ.
මේ අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ,දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග,61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධමීෂ හේවගේ යන මහත්වරු ඇතුලු යුදහමුදාවේ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙහිදී කතාකළ රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස දෙකහමාරක කාලය මේ රටේ තීරණාත්මක කාලපරිච්ජේදයක් වන බවත්,මේ වනවිට මිලියන 11 කට කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබාදී ඇති බවත්,මිලියන 3 කට දෙවන මාත්‍රාව ලබාදී ඇති බවත්,එන්නත් මාත්‍රා මිලියන 20 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇතිබවත්,ඉදිරි මාස එකහමාර තුල දිවයිනේ පදිංචි මිලියන 11 කට සම්පූර්ණයෙන් එන්නත් දෙවන මාත්‍රාවත් ලබා දී අවසන් කරන බවත්ය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයත් විවෘත්ත කරයි
පප්ප Thursday, 12 August 2021 07:05 AM
අර නාමල් කොල්ලා විශාල ප්‍රචාරයක් දීලා දාපු තැන වැහුවෙ , අරින කොට දෙන ප්‍රචාරෙ වහන කොටත් දෙනව නම් කොච්චර හොඳද මහත්තයො.
Jayakody Thursday, 12 August 2021 02:06 PM
මහජන මුදලින් හදන ඒවා විවෘර්ත කරන්න දෙශාලකයෝම ඕනෙද ?