IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි

(අංජුල මහික වීරරත්න)

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ වැඩසටහනින් පසු මෙම දෙසැම්බරයේ දී ලංකාවට ඩොලර් මිලියන 780 ක මුදලක් ලැබීමට නියමිතව පවතී.

දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට මේ වන විට ණය හිමියන් එකඟතාවය පළ කර ඇතැයි ඉකුත්දා නිවේදනය කෙරිණි.

මේ වන විට විදෙස් ණය හිමියන් මෙන්ම පෞද්ගලික ණය හිමියන්ද ලංකාවට ණය සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති අතර ණය සහ පොලිය ගෙවීමේ කාලය දිගු කිරීමටත් ණය පොලිය යම් පමණකින් කපා දැමීමටත් තීන්දු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පිරිනමන දෙවෙනි වාරිකය වන ඩොලර් මිලියන 330 ක මුදල ලබන සති දෙක ඇතුලත නිදහස් කිරීමට නියමිතය.

ඒ සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා මත ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට නියමිතව පවතී. ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන දෙසීයක් ලබාදීමටද නියමිතය.

ඒ අනුව ලබන දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 780ක් හෙවත් රුපියල් බිලියන 257ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව අැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.



අදහස් (12)

ලංකාවෙ පසුම්බියට රුපියල් බිලියන 257ක් වැටෙයි

ravin Saturday, 02 December 2023 03:34 PM

කල්ල මරේ...! හොරු ටික අලුත් ඇඳුම් එහෙම මහලා දතකට මැදගෙන සැරසේවි ආපසු හොරකමට...

:       11       83

Lal Saturday, 02 December 2023 04:18 PM

ජෙප්පෝ මේවාට කැමැති නෑ...

:       58       15

samanSaturday, 02 December 2023 04:57 PM

රටම හූරන් කාලා, මේ තරම් ව්‍යසනයකට රට පත්වෙන්න මූලිකම හේතුව මොහු සහ මොහුගේ පරම්පරාව... ඔව් ඉතින් ඔබලා වගේ කම්බහොරු කැමැති ඇති රටම ණයවෙලා පවුල් නඩත්තු කරන්න.. කොමිස් ගහන්න.. පිටරටවල ඉඩම් ගන්න... තමගේ ගැහැණු, හොර ගැහැණු, හොර මිනිහාලා එක්කලා රට සවාරි යන්න මේ කාලකන්නි දේශපාලකයින්ට අවස්ථාවක් ලබාදෙන්න. තවතවත් ලංකාවේ ගැහැනු, පිට රට වලන් හෝදන්න යවමු, ගම්වල ඉන්න පිරිමි ඔක්කොම කුලී වැඩට රට පටවමු. ඒ ලැබෙන ඩොලර් වලින් ණයටික ගෙවමු...! මහින්ද මාත්තියාට ජය, රනිල්ට ජය, බැසිල්ට ජය, නාමල්ට ජය....

:       17       32

Rata PerataSaturday, 02 December 2023 05:26 PM

ජෙප්පෝ විතරක් නෙවෙයි, මොලේ කළඳක් තියෙන කවුරුවත් කැමැති නෑ ණයට අරගෙන කන්න. ඔයවගේ මෝඩයින් නිසා තමයි දේශපාලකයෝ ඕන විදිහට හොරකම් කරන්නේ...

:       12       44

IbbaSaturday, 02 December 2023 06:21 PM

ණයට ගන්නවා කියන එක හොඳ දෙයක් නෙවෙයි.

:       5       33

ධනුෂ්ක Sunday, 03 December 2023 09:06 AM

කවුද ණය ගන්නවාට කැමැති. හිඟනකමට කරන්න දෙයක් නැතුව ගන්නවා මිසක්...!

:       1       6

Aruna Saturday, 02 December 2023 04:58 PM

ඔව්, ඔව් ... හොරුන්ට තව දොළ පිදේණියක් හම්බවෙනවා... පහුගිය කාලේ හතේ හත වැදිලනේ හිටියේ... දැන් කල්ල මරේ වෙයි...

:       8       33

නාරද රත්නායක Saturday, 02 December 2023 09:28 PM

ඉන්න හොරු පන්නමු... ඒක කරන්න පුළුවන් ජනතාවට හොර නැති බොරු නැති මාලිමාව පෙන්වන පාරේ අපි හැමෝම යමු...

:       0       6

rocky Sunday, 03 December 2023 07:22 AM

ජයවේවා..! අපේ ලොකුම ආදායම් මාර්ගය තමයි ණය ගැනිල්ල... බරසාර ණයක් ලැබුණාම සන්තෝස වෙන්න ඕනේ නේද?

:       0       5

Rohana Sunday, 03 December 2023 08:53 AM

මෙහෙම ණය ගන්න ගියොත් ලංකාව ලෝක ණයකාරයෙක් වෙලා ඒක ගෙවාගන්න බැරිව යම් දිනයක ලංකාව අත්පත්කර ගනීවි. ණය ගත්තේ ආයෝජනවලට නොව කාලාබීලා හොරකම්කරලා නාස්ති කරන්න. ඉතින් රටකට ඔරොත්තු දෙයිද? අනාගත පරම්පරාවත් එක්ක ණයකාරයෝ වෙලා රට හිඟන රටක් බවට පත්කරන්නේ මේ දේශපාළුවන්...

:       0       5

Samansantha Sunday, 03 December 2023 11:23 AM

ආයෙ ඉතින් මහ හොරුන්ට රජමගුල් ඔය ටිකත් හොරා කනවා මොවුන් මහින්දටත් ටිකක් දෙන්න මොකද ජීවත් වෙන්න සල්ලි නැතුව ඇති පවුනේ...! 

:       0       4

MRM Monday, 04 December 2023 03:48 PM

ණයට කෑම, පිනට කෑම, විකුණන් කෑම හැර වෙනදෙයක් නොදත් කම්බ හොරු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 170 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 268 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 298 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 214 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය
2024 ඔක්තෝබර් මස 08 3 0

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 144 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39443 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site