(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව ගොනු කළ මෝසම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට යැයි පැවැසෙයි.ඉකුත් ජූලි මස කල් පිරුණු සියයට 5.875 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ශ්‍රී ලංකාව මුදල් සහ පොලි නොගෙවීම හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේ චෝදනා ගොනු කළ ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුව එහිදී තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.
ශ්‍රී ලංකාව ඉකුත් ජූලි මස කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා හැමිල්ටන් රිසර්ව් බැංකුවට මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 250.1 ක් සහ පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 7.3 ක මුදලක් ගෙවිය යුතු වේ.
ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසාවෙන් යැයි පවසමින් මෙම නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබිණ.
නිව් යෝර්ක් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ඩෙනිස් කෝට් විසින් මෝසම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මෝසම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ නීතිඥවරු පෙනී සිට ඇත.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ලංකාවේ මෝසමක් නිව්යෝර්ක් අධිකරණයකින් ඉවතට
kamal Monday, 10 April 2023 01:45 PM
මොනවා..? වහාම නිදොස් කොට නිවහල් කරනු...!!!
kapilaMonday, 10 April 2023 02:33 PM
ඕක කරගන්න තිබුණු අපේ අධිකරණයක ඕක විභාග නම්...!