IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලංකාවෙි රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම අනූව ලංකාවෙි රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය. ලංකවෙි රිලා ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙන අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිලවාය.

 



අදහස් (42)

ලංකාවෙි රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි

Asa Tuesday, 11 April 2023 10:28 PM

මුන්ව මරාගෙන කන්න වෙන්න ඇති ඉල්ලන්නේ නැත්නම් ලක්ෂයක් ඉල්ලයිද ?

:       56       60

himaliWednesday, 12 April 2023 09:27 AM

ලංකාවේ රිලවුන්ට නිජබිම ලංකාව. ඒක අහිමි කරලා උන්ව පිටුවහල් කරන්න කාටවත් ඇති අයිතිය සාදාරණ නැහැ...

:       12       18

pakeer Tuesday, 11 April 2023 10:52 PM

රිලවෙක්වත් වුණා නම්.

:       28       8

VijithaWednesday, 12 April 2023 10:35 AM

කණගාටු වෙන්න එපා. කණ්නාඩියක් ඉස්සරහට ගිහින් සැනසෙන්න.

:       1       13

Tinba Tuesday, 11 April 2023 10:59 PM

චීන මස් කඩේට නොවෙයි නේද?

:       30       24

දිමුත්Wednesday, 12 April 2023 02:19 PM

මොකට ගියත් කමක් නැහැ. මොවුන් මහ කරදරයක්...!

:       4       9

සිල්වා Tuesday, 11 April 2023 11:22 PM

ගරු ඇමතිතුමනි මෙහෙ ඉන්න කරදරකාරී අලි ටික පටවන්න ක්‍රමයක් සොයා බැලුවා නම් හොඳයි නේද.

:       49       11

sanathWednesday, 12 April 2023 02:50 PM

තවම ඒ අය අලිමස් කන්නේ නැතිව ඇති... කකුල් දෙකේ ගොන් අලි නම් යවන්න වටිනවා...

:       3       8

Rasika Tuesday, 11 April 2023 11:56 PM

මසටද දන්නෙ නෑ ලක්ශයක් ඉල්ලන්නෙ?

:       18       29

පැරකුම්Thursday, 13 April 2023 02:13 PM

පැහැදිලිවම රසික මසට තමයි නැත්නම් ලක්ෂයක් මොකටද පලමු අදියරේම? ඊට පස්සෙ මාස්පතා ලක්ෂය බැගින් ඉල්ලයි. අපේ සත්ව අවිහිංසා කාරයො මොකද සද්ද නැත්තෙ?

:       0       0

යෝගා Wednesday, 12 April 2023 01:00 AM

මේකටත් NGO බත්බැලයො ටික විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් ගනන් ගන්න එපා.

:       9       62

Chathuri Wednesday, 12 April 2023 01:04 AM

මේ කාලකන්නි දන්නවා. චිනා කියන්නේ... මිනීමසුත් කන ජාතියක්... ඔවුන් මොන සතාද නොකන්නේ... අසරණ සත්තු. ඔය සතාගේ මසයි හමයි දෙකම ගන්නවා.. නඩේගේ සාක්කුව පුරවා ගන්න... මේ අසරණ සත්තු පළි නැහැ. ලක්ෂයක් කියන්නේ පොඩි ගණනක් නෙමෙයි... මේ සත්තුන්ට අපා දුක් දෙයි. ඒ සාපේ මේ නඩෙට වදින්නේ... ඊට වැඩිය හොඳයි වහ දීලා මැරුවා නම්. ඔය සත්තුන්ව උණුවතුර හැලියේ දමලා තම්බන එකට තමයි සත්තු අරගන්නේ..! 

:       5       4

Pankumburage Wednesday, 12 April 2023 01:15 AM

ඔය දියවන්නාවේ ඉන්න රිලව් ටික චීනයට ගෙන්න ගන්න බැරිද?

:       0       67

Sanka Wednesday, 12 April 2023 01:32 AM

මේක මේ ලැබ් වල ටෙස්ට් කරන්න ඉල්ලන්නේ, සත්තු වත්තකට 10 ගානේ දැමම්ත් 10,000 ඇති, අනික මේක පලමු අදියර, ඒ කියන්නේ තව අදියරවල් තියනවා, අනික වඳුරැ මොළ චීනේ හොඳ කෑමක්, පණපිටින් ඉන්නැද්දි මොලේ කනවා, ඉන්ටනෙට් එක් බලන්න,

:       9       48

සුරංග Wednesday, 12 April 2023 08:25 AM

වඳුරු මොළ හොඳ කෑමක් වෙනවා. පුළුවන්... ඒත් ඉල්ලීම තියෙන්නේ රිලවුන්ට කියලා තේරුම් ගන්න බැරිද සංක...?

:       4       7

Nihal Wednesday, 12 April 2023 01:37 AM

මව්බිම අයිතිය කාටත් පොදුය.

:       6       22

Asela Wednesday, 12 April 2023 02:47 AM

Are they going to feed the animals with them?

:       3       5

chandima Wednesday, 12 April 2023 05:09 AM

සතුන් වෙළඳ භාණ්ඩයක්වත් සිරකරුවන් පිරිසක්වත් නොවෙයි. ලංකාවේ රිලවුන්ට ඉන්න තැන්වල ඉන්න දෙන්න. චූනුන්ට අවශ්‍ය නම් මේ රටට ඇවිත් රිලවුන් නරඹන්න කියන්න.

:       18       20

chathura Wednesday, 12 April 2023 05:12 AM

මහින්ද අමරවීර කොහොමද සතුන්ව පිටරට කූඩුවලට යවන්නේ. එයත් මේ ලෝකෙ ඉන්න තවත් සත්වයෙක් විතරයි. අවශ්‍ය නම් මහින්දව ඒ රටේ සත්ව උද්‍යානයකට යවන්න කියන්න.

:       7       27

චින්තක Wednesday, 12 April 2023 06:15 AM

ඉස්සර ලංකාවෙ මිනිස්සු රිලවුන් පාලනය කර ගත්තා නමුත් දැන් කාලයේ එහෙම දේවල් නැතිනිසා ඒවා කරන්න පුළුවන් රටකට ලබාදී ගොවීන්ට සහනයක් සැලසීම ඉතාමත් හොදයි ඒ සමගම දඩුලේනා සහ උගුඩුවාත් යවන්න හැකිනම් හොදයි රිලවා කියලා වදුරො නම් යවන්න අවශ්‍ය නැහැ

:       8       21

Bamunuarachchi Wednesday, 12 April 2023 06:35 AM

චීනුන්ට කියන්න දිවන්නාව දොරකඩ මඳක් ගහන්න කියලා 225ම අල්ල ගන්න පුළුවන්.

:       2       29

vijayanthi Wednesday, 12 April 2023 06:52 AM

කයිද දන්නේ නෑ.

:       3       15

Kanishka Wednesday, 12 April 2023 07:05 AM

රිලවුන්ට මොනව කරයිද කවුද දන්නේ.

:       2       8

කසුන් Wednesday, 12 April 2023 07:15 AM

මෙරට රිලවුන්ට ලැබෙන ඔය වරප්‍රසාදය රිලවියන්ටත් ලබා දෙන්න. කාන්තා අයිතිවාසිකම් කඩ වුනොත් ස්ත්‍රී වාදීන්ගෙන් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි.

:       3       14

jayath Wednesday, 12 April 2023 07:53 AM

ෙමේ රටේ වගා වට මහත් විනාසයක් කර මහ " රිලවා " මීට හරියටම වසරක ට කලින් ජනතාව විසින් පන්නල දැම්මේ රටේ වාසනාවට ඌ මෙච්චර කලක් හිටියනම් වගාවයි රටයි දෙකම කම්මුතුයි මේ ගැම්මටම දැන් නන්නත්තාර වෙලාඋන් හිටි තැනක් වත් නොදන්නා ඒකවත් හොයල චීනේටම පැටෙව්වා නම් තමයි මරු !!!!!

:       13       17

Indika Wednesday, 12 April 2023 07:58 AM

රිළවුන් කොටසක් ඉවත් කිරීම ඉතාමත් සුදුසු දෙයක්. ඔවුන් කරන හානිය පිළිබඳව අවබෝධයක් නොමැති පණ්ඩිත අදහස් දක්වමින් සෑම දෙයක්ම විවේචනය කරමින් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැති බකපන්ඩිත රැලත් ඹය ගමන් ම කොහෙට හරි පැටෙව්වා නම් හොදයි. රිලව් මරණය වැඩිය මේ වගේ දෙයක් කොපමණ හොදද?

:       11       22

සත්‍ය ගවේෂී.Wednesday, 12 April 2023 09:28 AM

පෙර භවයේ චීනෙකු ඉන්දික නමින් මේ රටේ ඉපදිලා. ඒකයි මේ තාමත් චීන ගතිලක්ෂණ තියෙන්නේ...

:       11       4

Samitha S. Aluthgamage Wednesday, 12 April 2023 08:08 AM

පණ ඇති ඕනෑම දෙයක් ආහාරයට ගැනීම තම ප්‍රතිපත්තිය කොට ඇති චීනයේ බල්ලන් නයින් ඇතුළු සර්පයන් පණුවන් ඇතුළු බොහෝ සතුන් ආහාරයට ගැනීම සිරිතක්. මේ ගැන විස්තර සහිතව ඉදිරිපත් කෙරෙන වීඩියෝ පට අන්තර්ජාලයේ ඇත.රිළවුන් අපට කරදරයක්.ඒ බව ඇත්ත. ඒත් ඒ සතුන්ද මේ සොබාදහමේ කොටසක්. අමරවීරලා බබාලා වගේ කිව්වාට මේ රිළවුන් ගෙනියන්නේ එම සතුන් බෝකර මස් සඳහා ෆාම් දමන්න වෙන්න පුළුවන්.මේ රටේ ගොවි ජනතාවට රිලවුන්ගෙන් ගැටළු තියෙනවා.ඒත් ඒ සතුන්ට පරිසරය අහිමි කොට මරාගෙන කන්න විකුණනවා නම් ඒක වනජීවී ප්‍රතිපත්තියට හාත්පසින්ම විරුද්ධ දෙයක්.

:       9       50

පිටිගල මිලානෝ Wednesday, 12 April 2023 09:00 AM

ඔව්… ඔව්, කැනඩාව, ඇමරිකාව වගේ රටවල් ඔය ලංකාවේ හොරාකන රිලවුන්ට වීසා නොදුන්නාට චීනය දෙන බව අපි දන්නවා. ඒත් මෑතකදි පැනලා දිව්ව රිලවාට නම් පළාතේ එන්න අහන්නවත් එපා කියලා කිව්වාලු... ඒත් ඉතිං අපේ රටේ නාකි කොණ්ඩේ බැඳපු චීනා ඌව ගෙන්නාගෙන කන්න බොන්න දීලා ඇති කරනවා..

:       5       3

Ananda Wednesday, 12 April 2023 11:20 AM

මස් පිණිස කෑමට ගෙනියන්නයි ඔය හදන්නේ... චීන්නු නොකන සතෙක් නෑ.

:       1       5

Surathala Wednesday, 12 April 2023 11:25 AM

රිළවුන් ටික අරන් ගිහිල්ලා පර්යේෂණයකට රටවල් 100කට මුදෑහැරියොත් කෝවිඩ් 19ට එහා යාවි...

:       1       2

prasanna Wednesday, 12 April 2023 12:15 PM

පණුවෝ කෑවත් එකයි, මැරුණු ඕන කුණක් කෑවත් එකයි, සමහර චීස් වලත් පණුවෝ ඉන්නවා. බලයින් මාළුවල පණුවෝ ඉන්නවා. චීන ජාතිය බාල්දු කරන්නේ හරියට ලංකාවේ ඉන්නේ ලෝකෙම සුපිරිම ජාතිය වගේ. ලෝකයේ තියෙන්නේ සුපිරි බලවත් රටක් චීනය...

:       5       8

dilan Wednesday, 12 April 2023 12:40 PM

අපිට ඩොලර් ප්‍රශ්න තියෙන වෙලාවේ මේක හොඳ අදහසක්... අමරවීර අපේ උපරිම සහයෝගය ඕනෑනම් රිළව් අල්ලලත් දෙන්නම්...

:       2       5

නලින්Wednesday, 12 April 2023 03:40 PM

රාජපක්ෂ රිලව් ටිකත් අල්ලලාම දෙන්න. ලොකු උදව්වක්...! 

:       3       5

පිටිගල මිලානෝ Wednesday, 12 April 2023 03:15 PM

ලංකාවේ මොනර ගහණයද වැඩියි. වගා බිම් වලට අහිතකරයි. මොණරවත් මාකට් කරමුද චීනෙට... ලංකාවේ දකුණේ සහ ඌව පළාත පැත්තේ අප්‍රසිද්ධව තියෙනවා...

:       2       7

නන්දන පනා-මිලානෝWednesday, 12 April 2023 05:14 PM

ඩෙවිල් එකයි මිරිසට උයලයි කුකුළට වැඩිය හොදයි. හම්බන්තොට පැත්තේ තැන් කීපයක්ම තියෙනවා…

:       0       0

චිරන්ත Wednesday, 12 April 2023 06:44 PM

දකුණේ ඌවෙ පමණක් නොවෙයි සබරගමුවෙත් ඉන්නවා මිනිස්සු දැන් පළමු සිල්පදය රකින නිසා පමණක් නොවෙයි කතරගම දෙවියන්ගේ වාහනය නිසා මිනිස්සු මොනරට ගරුත්වයක් දක්වනවා

:       0       0

Wasantha bildap Wednesday, 12 April 2023 06:40 PM

ඔය දියවන්නාවේ ඉන්න එහාට මෙහාට පනින රිලා රෑනම චීනයට යැව්වා නම් හොඳයි නේද

:       0       0

විපරමා Wednesday, 12 April 2023 07:38 PM

හැම දහ ජරාවක්ම කන චීන්නු රිලවුන්ට කැමැති ඇයි කියන එකත් ප්‍රශ්නයක්...

:       0       0

Raheem Wednesday, 12 April 2023 07:58 PM

අප්පට සිරි..., රිළවුන්ට දැන් පාස්පෝට් හදන්න කොළඹට එන්න වෙයි. වීසා ගහන්න.

:       0       0

Sunil Thursday, 13 April 2023 09:03 AM

ඇමතියගේ වගාවන් ආරක්ෂා කරගන්නයි මේ රිලවු බිල්ලට දෙන්න වෑයම් කරන්නේ.

:       0       0

Raheem Thursday, 13 April 2023 10:59 AM

අප්පට සිරි, දැන් වඳුරෝ ඔක්කොම කොළඹ ඇයි පාස්පෝට් ගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1622 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1270 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 823 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6283 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2323 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 883 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site