(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා සියොල් නුවර පැවති ආසියානු නායකත්ව සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ ස්ථාන වල ආහාර,ඉන්ධන හිඟතාවය සහ මිල ඉහළ යාම හේතුවෙන් නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් රුසියාව යුක්රේන සැපයුම් දාමය අවහිර කිරීම එසේ මිල ඉහළ යාමට සහ හිඟතාවයට එක් හේතුවක් වී ඇති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා පැවසුවේය. ඉන්ධන සහ ආහාර මිල අහස උසට ඉහළ යාම නිසා ඇති වී තිබෙන නොසන්සුන්තා කෙසේ අවසන් වේදැයි කවුරුත් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එසේ සැපයුම් දාමය අවහිර කිරීම තුලින් රුසියාවේ න්‍යාය පත්‍රයට ප්රතිලාභ අත් වී ඇතැයි ජනාධිපති සෙලෙන්ස්කි මහතා සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාවේ වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතුයි
Pakeer Thursday, 14 July 2022 12:13 PM
අනේ සෙලෙන්ස්කි මහත්තයෝ, නොදන්න මගුල් කතා නොකර ඔයා ඇමෙරිකාවට දෙන එක නවත්තනවද?
mahinda Thursday, 14 July 2022 12:15 PM
කිසිඳු දේශපාලන දැක්මක් නැති විකට නළුවකු තම නායකයා කර ගැනීමෙන් යුක්රේනයටත් යුද්ධයට බයේ තම හමුදාවේ රැකියාව අතහැර එක්සත් ජනපදයේ ඉන්ධන හලක පොම්පකරුවකු ආපසු ගෙන්වා රටේ ජනාධිපති කරවීම අත් විඳිමින් සිටියි...
චන්දන Thursday, 14 July 2022 12:30 PM
තමන්ගේ රට විනාශ කළ තවත් කෙනෙක්... වෙතත් රටවල් ගැන කතා කරනවා. ඇමරිකාව බේරාගන්න ගන්නා උත්සාහය තමන්ගේ රට බේරාගන්නවත් යොදාගන්නේ නැහැ...
kamal Thursday, 14 July 2022 12:38 PM
මෙයා එයාගේ රට විනාශ කරගත්තා වගේ අපිටත් හෙණ ගහන්නයි හදන්නේ...
සජිත් .. Thursday, 14 July 2022 01:21 PM
මම මොහුව හෑල්ලු කරනවා නොවේ. මොහු දේශපාලනයට එන්න කලින් ඒ රටේ නාට්‍යවල රඟපෑ දක්ෂ හිටපු විකට නළුවෙකි..! දේශපාලන අත්දැකීම් නැතිවුනාම රටට වුණුදේ පේනවා නේද?
යකාගෙ නීතිය Thursday, 14 July 2022 02:07 PM
අපිටත් ඕකමනේ වුනේ... ප්‍රාදේශීය සභාවකටවත්, වැස්සකටවත් ගොඩ නොවුණු කෙනෙක් ජනාධිපති කරගෙන...
චන්දන Thursday, 14 July 2022 02:42 PM
ඕනම ආයතනයක ප්‍රධානින් ලෙස පත්වෙන්න ඕන එම ක්ෂේත්රය ගැන හොඳින් දන්නා කෙනෙක්... හමුදා පාලනයට පාසලක විදුහල්පති දාලා හරියන්නේ නැහැ. පාසලකට හමුදා නිලධාරීන් දාලා හරියන්නේ නැහැ. එය හැම ක්ෂේත්රයකටම අදාලයි. විවිධ අමාත්‍යාංශවලට හමුදා නිලධාරින් දාලා කරගත්තේ එවැනි නොගැලපෙන වැඩ...!
Prabha Thursday, 14 July 2022 03:17 PM
ඉර අනිත් පැත්තෙන් පෑව්වත් ඒකට වගකියන්න ඕනේ රුසියාව...!
Ruwan R Thursday, 14 July 2022 03:24 PM
පිස්සුද? අපි ඉන්නේ කාන්තාරයක නෙවෙයි... හොඳ සශ්‍රීක රටක. අපිට කෙළවුණේ මේ ලෝකෙ දෙයක් හරියට කරගන්න ඔලුවක් නැති අපේ මහ එවුන් හොරාකාලා...
Gajayaa Thursday, 14 July 2022 04:07 PM
යුක්රේනියානු භාෂාවේ තියෙන කුණුහරප ටික ඉගෙන ගන්න ඕනෑ මෙයාට උත්තර දෙන්න කලින්.
ganegoda Thursday, 14 July 2022 08:05 PM
ඇමෙරිකාවත් එක්ක එකතුවෙලා උද්දච්චකම් පෙන්නන්න ගිහින් හොඳටම කෙළවාගත්තු කෙනෙක් මේ යුක්රේනයේ ජනාධිපති...
BT Saturday, 16 July 2022 01:03 AM
සෙලෙන්ස්කි මහතා නළුවකු ලෙස පසුකලක ප්‍රසිද්ධ වුවත්, ඔහු නීති උපාධිධාරියෙකි. ඔහුගේ පියා මහාචාර්යවරයෙකි. යුක්රේන් වැසියන් සියල්ලන්ම එක්සත්ව රුසියාවට මුහුණ දෙන අන්දමින්වත් මෙරට ජනතාව ආදර්ශයක් නොගැනීම අභාග්‍යයකි...