IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකාවේ වතුර බොන්නන් ගැන අනාවරණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක්  සත දොළහකට ලබා දෙද්දී රටේ ලක්ෂ  පහකට ආසන්න පිරිසක්  ලීටරය 150 ට බෝතල් වතුර පානය කිරීම හේතුවෙන්  එම ජනතාවගේ ජීවන   වියදම ඉහළ ගොස්  ඇතැයි  ගම්පහ දිස්ත්‍රික්  මන්ත්‍රී ඉංජිනේරු   අජිත් මාන්නප්පෙරුම මහතගේ ප්‍රධානත්වයෙන් යුතු  පරිසරය ස්වභාවික සම්පත් සහ  තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික  අධීක්ෂණ පාර්ලිමේන්තු  කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.

ජාතික ජල සම්පාදන  මණ්ඩලය ජනතාවට නිකුත් කරන ජලය ඉතා පිරිසුදු සහ  සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් දෙන්නේ යැයි  එම මණ්ඩලයේ සභාපතිවරයා කමිටුව හමුවේ  පැවසුවේය.

මේ අනුව  ජල සම්පාදන මණ්ඩලය නිකුත් කරන ජලය පාවිච්චි කිරීමට පෙළඹීමෙන්  බෝතල් ජලය සඳහා වැය වන විශාල මුදල ජනතාවට ඉතිරි කරගත හැකි බව කමිටුව පෙන්වා දුන්නේය.

පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව   එහි සභාපති  මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ඉහළ ජල බිලක් ගෙවන  පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය  මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර  වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා  ජලාපවාහන  මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම රට පුරා  හෝටල් හා ආපනශාලාවල ජලයේ  තත්වය මුදල් අය කර  පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද  කමිටුව උපදෙස් දී ඇත.
 

 



අදහස් (9)

ලංකාවේ වතුර බොන්නන් ගැන අනාවරණයක්

Prabha Sunday, 28 July 2024 02:48 PM

පිරිසිදුකම වැඩිම දවස් වලට ක්ලොරීන් ගද එන්නේ

:       0       16

de silva Sunday, 28 July 2024 02:55 PM

රන්න , තංගල්ල සහ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ලැබෙන නල ජල වතුරේ විශාල වශයෙන් රොන්මඩ සහ අපද්‍රව්‍ය කිවුල විශාල වශයෙන් ඇත , මේවා බොන්න බැරි නිසා මිනිස්සු මේවා බොන්නේ නැහැ

:       0       14

Lalla Sunday, 28 July 2024 03:08 PM

ගම්පහ සහ කඩවත පලාත්වල බෙදන වතුර. හිටිය ගමන් මඩ ගොඩවල්. කලාතුරකින් දුගඳ හමන වතුර එනව. ඇත්තටම බෝතල් වතුර නොගෙන බීමට පමණක් ජල පෙරනයක් මගින් පෙරා පාවිච්චියට ගත හැකි.

:       1       15

pakeer Sunday, 28 July 2024 04:55 PM

ආදර්ශමත් බොහොම වැදගත්

:       7       3

SAM Sunday, 28 July 2024 05:44 PM

ඉහළ ජල බිලක් ගෙවන" පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ලංකාවේ බොහෝ නිවාස වල ජල ටැංකියක් ඇත. තමා බිමට ගන්න ජල ටැංකිය පිරිසිදුව තබාගැනීම පාරිබෝගිකය සතු වගකීමකි. පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කිරීම ප්‍රයෝගිකව කළහැකිද ? ඒ සදහා නිලධාරීන් කොපමණ පිරිසක් අවශ්‍යද ? අවශ්‍ය මුදල්, ඔවුන්ගේ වැටුප් ප්‍රවාහන පසුකම් ලබාදෙන්නේ කවුරුන්ද ? දේශපාලකයන්ගේ උපදෙස් හෝ අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ගේ උපදෙස් නිසා රජයේ නිලධාරීන් ක්‍රියාත්මක වේ රජයේ මුදල් අනවශ්‍ය ලෙස යොදවා ගැනීමට මේ නිසා සිදුවේ.

:       0       19

Raman Sunday, 28 July 2024 06:36 PM

ඉහළ ජල බිලක් ගෙවන පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල ... නොමිලේ පරීක්ෂා කර .... කාරක සභාවේ සභාපතිවරයා .... උපදෙස් දුන්නේය." අනේ හොඳයි. අපි බොන්නේ නළ ජලය. ලොකු බිල් යනවා. අපිත් සතුටුයි එහෙම චෙක් කරනවා නම්.

:       0       10

විපුලසේන Monday, 29 July 2024 06:58 AM

ජනතාව වැඩි මිල දීලා බෝතල් වතුර බොන්නෙ ඇයි කියලා සමීක්ෂණයක් කලොත් සත්‍යම තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි. මම උදාහරණයක් කියන්නම් .අපි දන්න හදුනන රජයේ රියදුරු මහතෙක් හිටියා .ඔහු පුතාගෙ නිවස ඉදිකිරීම් බලන්න ගොස් හැකි ආකාරයට උදව් කර දිවා ආහාරයෙන් පසුව එතැනම තිබුන මණ්ඩලයේ කරාමයෙන් වතුර බීල තියෙන්නෙ. පැයක් යාමට පෙර ඇතිවූ බඩේ අමාරුවක් නිසා දෙදිනක් යාමට පෙර මියගියේ වතුරේ පිරිසිදු කම නිසා වෙන්න ඇති

:       0       2

Ruwan Monday, 29 July 2024 07:38 AM

ඔව් .අපිට පුදුම අමාරුවක් තියෙනවා වැඩි ගාණක් ගෙවලා වතුර බොන්න. වරෙල්ලකො උඹලට අපේ පැත්තෙ ටැප් වලින් එන වතුර ටිකක් පොවන්න..

:       0       5

Ranjan Monday, 29 July 2024 09:02 AM

ජල මාර්ගයේ නලයක් කැඩී තිබෙන අවස්ථාවක ඒ ගැන ජල මණ්ඩලයට හෝ නගර සභාවට දැනුම් දුන්නම දින 2/3 අලුත්වැඩියා කිරීමට ගන්න මේ අය ඒවිද පරිභෝගිකයාගේ ජල ටැංකිවල පිරිසිදුකම සහ තත්වය බලන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 18 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1046 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 965 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 776 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6980 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2165 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34248 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site