IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48කට ණය කරලා

(සුජිත් හේවාජුලිගේ )

ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා ලංකාදීපයට පැවසීය.

ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ විසි හයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2211471කි. මේ වසරේ ජුලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4819256 ක් බව  පෙන්වා දෙන මහාචාර්යවරයා එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ අනුව 2606563කින්  ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.

එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය සියයට 65 කින් පමණ වැඩි වී ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය.

එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය විදේශ ණය හේතුවෙන්  වැඩි වී ඇත්තේ සියයට තිස්පහකින් බව   මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයිද
හෙතෙම සඳහන් කළේය.

මේ අතර  1972 - 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ( ණය වැඩිවීම)ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල්  158කි.

1978-88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 1030ක් වශයෙන්ද 1989-93 අතර කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 2477ක් වශයෙන්ද 1993- 94 කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 3371ක් වශයෙන්ද 1995- 2005 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 77118ක් වශයෙන්ද 2006-2014කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 25561ක් වශයෙන්ද 2015-19 අතර කාල සීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 37525ක් වශයෙන්ද 2020- 22 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 198494 ක් වශයෙන්ද 2022- 24 කාලසීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 104287ක් වශයෙන්ද සඳහන් වන බව වසන්ත අතුකෝරල මහතා පැවසීය



අදහස් (20)

ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48කට ණය කරලා

Gamini Saturday, 09 November 2024 03:46 PM

දැන් ගන්න ණය විද්‍යාත්මකව ගන්න ණය හින්දා හොඳයි... ඉස්සර කවදා කිව්ව ණයගන්න පාලකයෝ ඕනෙද කියලා...

:       9       15

බමුනුඅරච්චිSaturday, 09 November 2024 09:33 PM

කව්රුවත් කිව්වේ නැහැ අනුර කුමාර කියන හාදයා කිව්වා මතකයි...

:       0       4

Saman Saturday, 09 November 2024 03:52 PM

ඔය ණය බරට වගකියන්න ඕනේ දේශපාලකයෝ, සියලුම රජයේ සේවකයෝ සහ සමෘද්ධි අස්වැසුම ලාභීන්... පුද්ගලික අංශය හින්දා තමයි මෙහෙමවත් ඉහගහලා ඉන්නේ. මම මේ කල්පනා කරන්නේ කිසි දෙයක් නිකන් නොගත්ත මම කොහොමද මේකට මදි වුණේ කියලා...

:       0       22

අමල් Saturday, 09 November 2024 04:20 PM

සැප්තැම්බර් 21ට කලින් හැම ශ්‍රී ලාංකික පවුලක්ම ණයවෙලා තිබුනේ ලක්ෂ 37ක් පමණයි. තඹුත්තේගම අනුරගේ රාජ්‍ය පාලන සමයේ, පසුගිය මාස 1 1/2ට පමණක් හැම ශ්‍රී ලාංකික පවුලක්ම ලක්ෂ 11ක් ණය වෙලා තියෙනවා. රට අනුරට - පොහොසත් රටක් ! කොහොමද ටිකිරි මොලේ !

:       29       23

Sugath Saturday, 09 November 2024 07:10 PM

බොරු නොකියන් අමල් බිසෝ... තව කඩේ යමන් අමල් බිසෝ...!

:       4       1

Bamunuarachchi Saturday, 09 November 2024 09:40 PM

මොවුන් ණය අරගෙන කලේ පැන්ෂන් කාරයින්ට දීමනා දීපු එකයි.

:       0       3

Nishan Saturday, 09 November 2024 10:05 PM

අවුරුදු 70 ශාපය තවත් නාකි ජනතාවට එපා වූ සීයලා ඡන්දේ ඉල්ලන්න එනවා...

:       3       3

Sanath AshokaSunday, 10 November 2024 05:59 PM

නිහාල් චුට්ටක් නැගිටලා ප්‍රවේශමෙන් කකුල් දෙක අස්සේ හිරවෙලා තියෙන චූටි මොළේ පැත්තකට අරගෙන හොඳින්ම හෝදලා ඔලු කට්ටෙ හිස්ව තියෙන තැනින්ම තියාපං. යකෝ අවුරුදු 76 ක් රටේ පාලනය කරපු කෙනා කවද කියන්නකෝ... ඊළඟට 1971 සිට 2024.09.21 දක්වා දැන් සිටින පාලකයෝ කරපු අවහිර ගැන මෙනෙහි කරන්න. අවුරුදු 76 න් 53 ක්ම රටේ සංවර්ධනය අඩාල කලේ ජෙප්පෝ නේද කියලා තේරුම් ගනිල්ලා... ඇත්තටම නිශාන් 2019 ගෝඨාභය ලක්ෂ 69ක් ගත්තා. එයින් කොටසක් පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ මාලිමාවට එකතුවෙලා දැන් තවත් කොටසක් එකතුවෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් මම දකින්නේ නම් ගම්වල හිටපු අකටයුතුකම් වලට සම්බන්ධ පිරිස් හා දරුවන්ට රැකියා අපේක්ෂා කරන එදා පොහොට්ටුවේ ක්‍රියාකාරීන් බොහෝමයක් දෙනා දැන් මාලිමාව ජයග්‍රහණය සඳහා උරදී කටයුතු කරනවා. අපි ඒක ගම්වල රැස්වීම් අවස්ථාවල මුලින්ම සිටින අය ගැන දන්න නිසා කියන්න පුළුවන්...

:       1       4

Jamal Saturday, 09 November 2024 11:09 PM

ණය ගන්නවා නම් ගන්න ඕනේ ලොවෙත් නැති වෙන්න... හරියට අපේ තඹුත්තේගම සිංහයා වගේ...

:       3       5

Amal Sunday, 10 November 2024 12:03 AM

ණය ගන්න කියද්දි ජවිපෙට හරියට තරහ යනවා නේ

:       1       3

sam Sunday, 10 November 2024 06:44 AM

මෙහෙම තියෙද්දීත් අරයා කට ගහනවා. සුනාමියටයි, බටලන්දටයි නඩු දාන්න.. රට ණය කිරීමට දැඩිව වග කිවයුතුයි..

:       2       5

පිටරටවැසියා Sunday, 10 November 2024 12:14 PM

රටේ යම් නිෂ්පාදනයකුත් වෙලා, අපනයනයත් කරලා, විදෙශ් ශ්‍රමිකයින්ගෙන් සහ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් ආදායමකුත් ලැබිලා, රටත් බංකළොත්, සියළු රටවැසියනුත් ණයයි. කෝ අර දශක හතක පාලනයට ආවඩන බත්කන හරක් ටික...?

:       5       3

අමල්Sunday, 10 November 2024 04:24 PM

පිටරට වැසියා දන්නේ නැතුව ඇති, බත් කන හරක්, දැන් බත් කන්නේ හාල් කිලෝ එක රුපියල් 300ට මිලදී අරගෙන කියලා, අපේ තඹුත්තේගම අනුර ගොවිපුතාට පින් සිද්දවෙන්න...!

:       2       7

පිටරටවැසියා Sunday, 10 November 2024 12:16 PM

අමල්, මේ පුවතේ, පළමුවන වාක්‍ය හරියට කියවලා ඉන්නවාද, විකාර දොඩවන්න ඉස්සෙල්ලා..?

:       8       3

අමල්Sunday, 10 November 2024 04:18 PM

පිටරට වැසියා රට ගියේ ළඟදී පර්ස්පෝර්ට් පෝලිමේ ඉඳලාද? පිටරට වැසියා එලිබහින්නේ බලාගෙන! මාලිමාවේ ඉත්තෑවෝ හැමතැනම...!

:       2       7

මිලානෝ වැසියා Sunday, 10 November 2024 02:09 PM

පිටරට වැසියා අනික් අයට කියවන්න කලින් ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්ති පොඩ්ඩක් බලලා ඉන්න. ඔයාගේ අනුරයියා ජනාධිපති වෙලා මේ ගතවුණු දවස් 50ට අනුරගේ ආණ්ඩුව රුපියල් කෝටි එක්ලක්ශ දොලොස්දාහක් (මිලියන 1,120,000 ක් රු.1,120,000,000,000.00) ක් ණය ගත්තා කියලා දන්නේ නැද්ද? මේ දවස් 50ට රටේ පවුලක්ව දෙලක්ශ පන්දාහකින් ණය කරා. ඒ ණය සහෝදර ණය කියලා කපනවාද එතකොට?

:       3       6

Soinia Sunday, 10 November 2024 02:53 PM

පිටරටවැසියා මතුරට එන්න ජෙබයියෙක් කියලා නම් හොඳට පේනවා... තියෙන වහල්කමින්...

:       2       5

Janitha Sunday, 10 November 2024 03:08 PM

මිලානෝ, ඒවා විද්‍යාත්මකව ගත්තු ණය. අපි ඒවට මොනවාහරි කිව්වොත් සහෝදරයින්ට මළ පනිනවා. පුනරුදය කියන්නේ ඒකට...!

:       2       4

පිටරටවැසියා Sunday, 10 November 2024 04:32 PM

මිලානෝ වැසියා, ඔයා ඔය කියන ණය ගැන සජබේ හර්ෂ පැහැදිලි උත්තරයක් මාධ්‍ය වලට දීලා තිබුණා. කරුණාකරලා ඒක බලලා ඉන්න බොරුවට කට මැත දොඩවන්න කලින්....!

:       3       3

මහජනයා Sunday, 10 November 2024 07:53 PM

ණයට කාලා සතුටින් ඉන්න මිනිස්සු. වසර 76 2 මාස පාලකයනි, ස්තුතියි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 349 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1715 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4364 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1142 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1720 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1218 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site