IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලක්ෂ 12ක තහනම් කෘෂි රසායන තොගයක් අධිවේගයේදී අල්ලයි

(දිලීප් ජයසේකර)
 

රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමින් යුත් ග්ලයිෆොසෙට් ඇතුළු තහනම් කෘෂි රසායන තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු  දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේදී ලුණුගම්වෙහෙර පොලිසිය අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර, අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු හා බණ්ඩාරවෙල, අළුත්ගම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
දක්ෂිණඅධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසල පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් ලුණුගම්වෙහෙර පොලිස් නිලධාරින් කණ්ඩායමන් විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී තහනම් කෘමි නාශක වර්ගයක් වන ග්ලයිෆොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් අලෙවි කිරීමට ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් කුඩා ලොරි රථයේ තිබී  ග්ලයිෆොසෙට් ග්‍රෑම් 100 බැගින් වු පැකට් 1000ක් හා කාබොපියුරාන් නැමති කෘෂි රසායනය අඩංගු කිලෝ 1 බැගින් වු පැකට් 1000ක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් මහරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම කෘෂි රසායන තොගය ලබාගෙන එය දක්ෂිණ අධිවේගි මාර්ග ඔස්සේ රැගෙනවිත් තණමල්විල හා ලුණුගම්වෙරෙ ඇතුළු අවට ප්‍රදේශවලට අලෙවි කිරීමට සුදානම් කර තිබු බව පොලිසි ප්‍රශ්න කිරීමේදි සැකකරුවන් පවසා ඇත.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ලක්ෂ 12ක තහනම් කෘෂි රසායන තොගයක් අධිවේගයේදී අල්ලයි

ravin Thursday, 10 September 2020 12:24 PM

අනුන්ට වස කවන්න හදන අයට කළ යුත්තේ ඔවුන් හටම වස කන්නට ඉඩ සැලසීමයි. ලංකාවේ පවත්නා ක්‍රමවේදය අනුව දහස් ගණනක් මැරුණාට පස්සේ තමයි වස කවපු අයට දඬුවම් ලැබෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 419 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2488 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1748 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 960 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1146 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5238 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27358 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19603 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site