(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකයකදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම 100 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 26750 මුදලක් ජංගම දුරකථන තුනක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නවතා පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස වාඩිවී සිටි පුද්ගලයා පිළිබඳව මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාට සැකයක් පහළවී ඇත.
ඒ අනුව එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී සරම කැසපොටේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
මෙම පුද්ගලයින් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 37 සහ 28 වැනි වියේ පසුවන පුද්ගලයින් බවත් පොලිසිය පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට පිළියන්දල ප්‍රදේශයේ සිටින අයිස් මත්ද්‍රව්‍ය ගැනුම්කරුවකුට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බව සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම් හා විමර්ශනයේදී අනාවරණය වී ඇත .
මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගමන් කරමින් සිටියේ මත්ද්‍රව්‍ය කා හට ලබාදීමටද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකර එම පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ