IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලක්ෂ 37 ක සෞඛ්‍ය උපකරණ සජිත්ගෙන් වෑතර රෝහලට

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ  තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දා සිදු කෙරිණි .

වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති, රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, වෑතර දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්ත වික්‍රම මහතා වෙත  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී  ප්‍රදානය කෙරිණි .

මෙම වෛද්‍ය උපකරණ තොගය ඉකුත් ජුනි 23 දා රෝහලට  බාරදීමට නියමිතව තිබුණත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් එය තාවකාලිකව අත්හිටුවීමට  පියවර ගෙන තිබුණි .

මේ අතර  එම භාණ්ඩ තොගය වෑතර දිසා රෝහලටම ලබා ගැනීම සඳහා  හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභය ගුණරත්න මහතා හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු රෝහල් කමිටුවේ ඉල්ලීමක් මත නැවත වරක් මෙම රෝහලට ලබාගැනීමට මෙසේ පියවර ගෙන තිබුණි .

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රදීප් උඩවෙල, රොඩ්නි ප්‍රෙෂර්, ලක්ෂ්මන් අභයගුනරත්න,හෝමාගම ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක, නීතීඥ  එරන්ද වැලිඅංගගේ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (7)

ලක්ෂ 37 ක සෞඛ්‍ය උපකරණ සජිත්ගෙන් වෑතර රෝහලට

Keppetipola Sunday, 30 August 2020 10:58 AM

යහපාලන රජය සමයේ ඕස්ට්‍රේලියාවෙන් බණ්ඩාරවෙල රෝහල​ට පරිත්‍යාග කල ලක්‍ෂ 100කට වඩා වටිනා වෛද්‍ය උපකරණ හොරකම් කලේ කවුද​?

:       0       0

kamal Sunday, 30 August 2020 11:41 AM

ජීවිතේට රැකියාවක් නොකරපු, සදාකාලිකව මහජන මුදලින් යැපුණු අය ලැබූ පින් නැවත පූජාකරති... අපි සාදුකාර දෙමු...

:       0       0

Demuni Uduwara Sunday, 30 August 2020 12:54 PM

ඔබගේ ත්‍යාගය ගැන අගය කිරීමයි....

:       0       0

CHANDIMA Sunday, 30 August 2020 02:44 PM

කොහෙන්ද අම්මපා මෙතරම් සල්ලි මෙයාට?

:       501       20

RaveendraMonday, 31 August 2020 11:20 AM

ඇයි ඔබ හිතුවද අපේ දේශපාලකයන් හිඟන්නෝ කියලා...? එන්න එපා අපේ සත්ගුණවත් දේශපාලුවන්ට නිගා කරන්න තේරුණාද?

:       0       0

sarath perth Monday, 31 August 2020 04:33 AM

දේශපාලනයෙන් තොරව මෙම සද්ක්‍රියාව අගය කළයුතුයි...

:       0       0

kamal Monday, 31 August 2020 04:57 AM

ජීවිත කාලේටම අනුන්ගෙන් යැපුණු සිටුවරුන්ගෙන් දුප්පතුන්ට දානයක්... පින් සිදුවේවා..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 89 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 357 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 244 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4280 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 352 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 826 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site