IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ලක්ෂ 6ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමක අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු නියාමකවරයෙකු ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලිමකදි අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා අනුරාධපුර  සුරා බදු කාර්යාලයේ කොස්තාපල් වරයකු බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
 
සුරා බදු නියාමක සමග අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් හමුවී ඇත.
 
ඔහු  සමඟ මත්ද්‍රව්‍ය මිලදීගැනීමට පැමිනි කාන්තාවන් 5දෙනෙකු, තරුණයින් දෙදෙනෙකුද හා  කුඩා දරුවකුද අත්අඩංගුවට ගත් බව කියයි. අත්අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
 
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම කර තිබේ. මෙම වැටලීම සිදුවන අවස්ථාවේදි මෙම සුරාබදු නියාමකයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරීක්ෂකවරයා සුඛෝපභෝගි  මෝටර් රථයෙන් පලා ගොස් ඇති බව කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව ආසන්නයේදි නිලධාරීන්, සුරාබදු නියාමක ගමන්ගත් වෑන් රථය හරස් කරමින් සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
 
පලා ගිය සුරාබදු පරීක්ෂකවරයා හා මෝටර් රථය අත් අඩංගුවට ගැනිමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා ඇති බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මුලස්ථානයේ මේ වන විට රඳවා තිබේ.
 
කලක සිට මෙම ජාවාරම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සුරා බදු නියාමකවරයා ඇතුළු පිරිස අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (8)

ලක්ෂ 6ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමක අත්අඩංගුවට

SL Thursday, 23 July 2020 01:18 AM

මේකත් දැන් මෙක්සිකෝව වගේ. රටට ආරක්ෂාව දෙනවයි කියලා හිතාගෙන ඉන්න අය රටෙ තරුණයින් ට කුඩු පොවනවා.

:       0       10

mangala Thursday, 23 July 2020 02:16 AM

ලංකාව හරියට උතුරු ඇමෙරිකාව වගෙයි.. හැමතැනම කුඩු ආණ්ඩුවට හමුදාවට කිසිම දෙයක් කර ගන්න බැහැ. බොරුව ගෙනියන්නනේ...

:       29       21

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 03:22 AM

සුරාබදු අංශවල බොහෝ නිලධාරීන් අල්ලස දූෂණය හා ඒවා ආදායම් කරගත් අය. මේ රටේ තිබෙන බොහෝ මත්පැන් ශාලා රාත්‍රී කාලයේ දී මත්පැන් බෝතල් වලට කසිප්පු කලවම් කොට සීල් මූඩි ගලවා නැවත සීල් කොට පෙරසේම වෙළඳාමට තබනවා. මේවට කුමන ආකාරයකින් හෝ සුරාබදු අංශ සම්බන්ධයි. ඒ නිසා හොයා බලන්නේ නැහැ. මේ නිසා මත්පැන් පානය කරන්නන් ප්‍රමිතියට නොමැති මත්පැන් පානය නිසා නොයෙකුත් ලෙඩ රෝගවලට පාත්‍රවෙනවා. මෙය දන්නා සමහර දෙනා තම විශ්වාසය දිනාගත් ඇතැම් සුපිරි මත්පැන්හල් වලින් ඒවා මිලදී ගන්නවා. ඒත්, සාමාන්‍ය දුප්පත් මත්පැන් බොන්නා එසේ බැරි නිසා වතුර කලවම් කරන ලද මත්පැන් පානය කරනු පෙනෙයි. මේවා සොයා බලන්නට සුරාබදු අංශ කටයුතු නොකරන්නේ හොර සුරා කරුවන්ගේ මුදලට යටවී නොවෙයිද? මෙවැනි සුරාබදු අංශ මුදල් වෙනුවෙන් කුඩු විකිණුවේ නැතිනම් තමයි පුදුමෙ...!!!

:       0       107

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 23 July 2020 08:13 AM

ඉහත "ඒත්, සාමාන්‍ය දුප්පත් මත්පැන් බොන්නා එසේ බැරි නිසා විෂ වතුර කලවම් කරන ලද මත්පැන් පානය කරනු පෙනේ " යනුවෙන් නිවැරදි විය යුතුයි.

:       0       20

asiri Thursday, 23 July 2020 03:28 AM

මේ වගේ මිනිසුන්ට දෙන්න ඕන මරණ දඬුවම.

:       0       9

nimalThursday, 23 July 2020 06:30 AM

එතකොට ඕවා ගෙනෙන අයට මොකක්ද දෙන දඬුවම.?

:       25       0

සපුමල්.(Sapumal.)Thursday, 23 July 2020 08:06 AM

නිකන් අනුන්ගේ ඒවාට පැන පැන දෙන්නේ නැතිව දෙන දඬුවම ඔයාම කියන්නකෝ.. ඔයා ඉතින් හැමදේම දන්න කෙනානේ. මේ නිසා දඬුවම ඔයාම කිව්වා නම් තමයි වඩා හොඳ.

:       0       33

K Perera Thursday, 23 July 2020 04:23 AM

මේ අයගේ දේපළ රාජසන්තක කරලා මරණ දඬුවම දෙන්න ඕන.

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 12 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 21 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 44 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 86 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 128 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site