IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු

(කේ. බුද්ධික කුමාරසිරි)

ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රණාලේ ඌරැ ජුවා නැමැත්තාගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දුරකතන ඇමතුමක් ලබා දී අතුරැගිරිය ඔරැවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අසූවක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලිසිය පවසයි.

තමාට තිබෙන නඩු කටයුත්තක් සදහා ඉතා ඉක්මනින් රුපියල් ලක්ෂ අසූවක මුදලක් අවශ්‍ය බවත් එම මුදල ලබා නොදුන හොත් ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් මහමගදී මරා දමන බවද සැකකරු තර්ජනය කර තිබූ බවද පොලිසිය පවසයි.

ඒ අදාල දුරකතන ඇමතුම් විශ්ලේෂණයට ලක් කර සැකකරුවන් සිටින ස්ථානය පිළිබදව ලද තොරතුරක් මත අතුරැගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතා  සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ඔරුවල සහ මුල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන විශ්‍රාමික නාවික හමුදා පාලක සුළු නිළධාරියකු වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 40 හැවිරිදි කම්කරුවෙකි.

ප්‍රධාන සැකකාර විශ්‍රාමික නාවික හමුදා සෙබලා අදාල ව්‍යාපාරිකයාට අයත් ආයතනයක් අසල කුලී ත්‍රීරෝද රැකියාවේ නිරතව සිටින අතර අනෙත් පුද්ගලයා සමග එක් වී වෙනත් නිවසකින් සොරකම් කල දුරකතනයක සිම් පතක් භාවිතා කරමින් මෙලෙස කප්පම් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 183 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 987 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 180 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 1806 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 496 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 1017 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 439 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1431 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site