( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
කෝටිපති ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු තවත් තැරැව්කරුවන් යැයි කියාගන්නා දෙදෙනෙකු සමග පැමිණ මැණික් ගල් පරීක්ෂා කරන මුවාවෙන් එම ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලට ව්‍යාජ ගලක් යොදා නියම මැණික් ගල සොරකම් කොට එම ස්ථානයෙන් පිටව යාමෙන් පසු එම නිල් මැණික් ගලේ බර වෙනස් වී ඇති බවට ඇති වූ සැකයක් මත එය පරික්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික් ගලක් බවට තහවුරු වීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .
පොලීසිය පවසන්නේ මෙම වංචනිකයන් මීට පෙර කිසිවකු හෝ යොදවා එම මැණික් ගලේ හැඩය බලාගෙන ගොස් ඊට සමාන හැඩයට ව්‍යාජ මැණික් ගලක් කපා මෙම වංචාව සිදු කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි .
ආවේක්ෂණ කැමරා පද්ධති වලින් ලබා ගත් සැකකරුවන්ගේ රූපරාමු ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරයි .
මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 80ක නිල් මැණිකට වීදුරු ගලක් තියා මාරුවෙලා