(සුජිත් හේවාජුලිගේ )
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ අතර ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේදී තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.
ලක්ෂ පනස් හතක්වූ රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි පවසන අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණදී සිටින බවද අනාවරණය කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවර
ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධ
මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ
පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝට
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ
prasanna Saturday, 10 June 2023 01:26 PM
අපිටත් එක්ක 225 සහ ඔවුන්ගේ පවුල්වල සියලු අය හොඳට කාලා බීලා ඉන්නවා. ඒක තමයි අපේ රටේ දේශපාලන න්‍යාය
SL Saturday, 10 June 2023 02:56 PM
ඒ වුණාට 226 කට පැජරෝ, නොමිල් දිවා ආහාර, බදු නැති පඩි, කොමිස් සියල්ල ලැබෙනවා නේ. මයිනාගේ මන්දිරේට කෝටි 800, ගෝඨාගේ මන්දිරේට කෝටි?. රනිල්ගේ වාහනවලට කෝටි 150... අපි බදු ගෙවන්නම්...
කිරිපුතා Saturday, 10 June 2023 04:17 PM
ඔය නියැදිය ගන්න ඇත්තේ ගම්වලින් වෙන්න බෑ. ගම්වල ඡනතාව කාටවත් බැන බැන ඉන්නේ නෑ. වගා කරගෙන කනවා. අත පය වෙහෙසන කවුරුත් බඩගින්නේ ඉන්න ඕන රටක් නෙවෙයි, අපේ මව්බිම...!
දීප්ති හෙට්ටිආරච්චි Saturday, 10 June 2023 05:52 PM
අපොයි ඔයාලා කියන ඒවා නම් පිළිගන්න බැහැ. මීට කලිනුත් අර කවුද මහාචාර්‍යවරියක් කිව්වේ මේ කාලේ වෙනකොට කන්නවත් නැතිවෙයි කියලා. කොහෙන්ද ගත්තේ මේ දත්ත...? තනි දේශපාලන අදහස්.... ගම්වල මිනිස්සු කාලා බීලා ඉන්නවා...
dhamneth Saturday, 10 June 2023 08:08 PM
බයවෙන්න එපා.... ලංකාවේ මිනිස්සුන්ට කන්න සල්ලි නැතුවට බොන්න සල්ලි තියෙනවා ඕන තරම්.. වැඩකට කට්ටියක් ආවත් බොන්න හොයනවා මිසක් සකස්කර තිබෙන කෑමවත් කන්න උනන්දුවක් නැහැ...
රමිබන්ඩා Saturday, 10 June 2023 08:10 PM
අනේ, මහචාර්යතුමෝ කටවහගෙන ඉන්න. අපේ ජනපතිතුමා වැල් පාලමේ එගොඩට ගිහිල්ලා ඉවරයි. ඔයැයි කියන අහේනියක් මනුස්සයින්ට නෑ. ඔයැයිගේ විජ්ජාව මළ භාෂාවක් වගේ. අලුත් විදිහට හිතන්න.