IMG-LOGO

2024 ජුලි මස 06 වන සෙනසුරාදා


ලක් නිපැයුම් වලට චීනයේ ඉඩ වැඩි වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ  උප අමාත්‍ය Wang Lingjung මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය. 

 චීන උප අමාත්‍යවරයා සහ මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති  සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන තේ, පොල්, මෙන්ම අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී  සාකච්ඡා කරනු ලැබීය.

ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට චීන රජය ඉදිරි කාලයේ කටයුතු කරන බව ද චීන උප අමාත්‍යවරයා සඳහන් කළේය

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2023 දී මහජන චීනයට ශ්‍රී ලංකා‍ව විසින් අපනයනය කරන ලද සමස්ත කෘෂිකාර්මික අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3.3ක් බව අවධාරණය කළේය. එමෙන්ම චීන රජය විසින් මෙරටින් මිලදී ගන්නා ලද තේවල වටිනාකම 2.5%කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.



අදහස් (4)

ලක් නිපැයුම් වලට චීනයේ ඉඩ වැඩි වෙයි

NIMAL Wednesday, 03 July 2024 11:22 PM

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් නම් චීන සමාගම් ලංකාවට පැමිණ ඔවුන්ට ආයෝජනය කර කර්මාන්ත ශාලා ඇතිකර එම අවස්ථාවන් සඳහා පහසුකම් ලබාදීමට රජය කටයුතු කළයුතුවේ. එවිට ඔවුන් විසින් නවීන තක්ෂණය යොදා ගැනීම සිදුවනු ඇත. ගිවිසුම් ගතවීමේදී සියලු රැකියාවන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත යුතු බවට කොන්දේසියක් තිබිය යුතුවේ. චීනය ගුවන්යානා මිලදී ගැනීමේදී පවා ඔවුන් එම ජාත්‍යන්තර සමාගම් වෙත ඇණවුම් කිරීමේදී සියලු (90%) නිෂ්පාදනයක් සහ සේවකයන් චීන ජාතිකයින් විය යුතු බවට කොන්දේසියක් ඇතුළත් කිරීම සිදුකරයි.

:       0       0

Perera Thursday, 04 July 2024 07:02 AM

අපේ අපනයනය අතින් චීනය තමයි ලෝකේ අංක 1 එහෙම එක මොන එහකඩදේ චීනයට ලංකාවෙන් මිලදී ගන්නේ

:       1       0

N kodituwakku Thursday, 04 July 2024 10:16 AM

ඉතා හොදයි . හැබයි ගොවියට ආදායම ලැබෙන විදියට සිස්ටම් හදාන්න . අතරමදියෝ කෝටි ගණන් හම්බ කරනවා . වගාකරුවෝ වහ බීල මෙරෙනවා .

:       0       30

සෙනෙවිරත්න Thursday, 04 July 2024 12:27 PM

කළයුතු මෙයයි. ඩොලර් බාගයක් උපයට බඩුවක් හදවලා රට යවනවමු. කොළ කැඳ කඩ ආප්ප කඩ ලොතරැයි කූඩු හදල රට ගොඩගන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී 100ක් අල්ලස් කොමිසමට
2024 ජුලි මස 06 242 1

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයු


රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි
2024 ජුලි මස 06 940 5

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ම


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 ජුලි මස 06 76 0

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් ක


වැඩිම වියදම ආරක්ෂක අංශවලට
2024 ජුලි මස 06 571 5

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්


හදන්න ගත් තට්ටු ගොඩනැගිල්ල නාය යයි
2024 ජුලි මස 06 914 0

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.


මහල් නිවෙසින් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි
2024 ජුලි මස 06 1482 0

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 715 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1666 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3554 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site