IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ලොකු ආයතන රැසක් ආදායම් කන්තෝරුවට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට  විගණන කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර හයකින් බදු ගෙවා නොමැති  හෙයින් රජයට විශාල බදු මුදලක් අහිමිවී  ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

මේ අතර රජයේ ආයතනවල අවභාවිතා හේතුවෙන් රජයට මෙන්ම රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමිව යන  බවද ඔහු සඳහන් කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ   වාර්තාව ඉතා සවිස්තරාත්මක එකක්  බවත් මෙලෙස රජයට අහිමිවන බදු  මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්  එම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් මහාචාර්යවරයා කීවේය.

ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට  අවස්ථාව සැලසී තිබීම අවස්ථාවක් කරගෙන බදු ගෙවීම මෙසේ පැහැර හරින බව පෙනී ගොස් ඇතැයිද  ඒ මහතා පෙන්වා දුන්නේය.

එකම ආයතනයකට තුන්වරක් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදීම නොවිය යුත්තක් බවද  අභියාචනා සඳහා ලබා දෙන අවස්ථා එකකට  අඩු කිරීමට නිර්දේශ කර තිබෙන බවද  හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව රටේ පවතින වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් අහිමි වන මුදල් ප්‍රමාණයද  විශාල බව පැවසූ  තිස්ස විතාරණ මහතා  අලි මිනිස් ගැටුම ඊට හොඳම උදාහරණයක් බවද  පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති සංශෝධනය සඳහාද ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (3)

ලොකු ආයතන රැසක් ආදායම් කන්තෝරුවට පොලු තියලා

Prase Wednesday, 21 July 2021 11:23 AM

කයිවාරු ගැහුවාට වැඩක් නෑ. තනතුර දීලා තියන්න. අයකර ගන්න බැරිනම් අස්වෙලා යන්න මට දිලා... මම වැඩ කරන්නම්.

:       9       8

ganegoda Wednesday, 21 July 2021 11:34 AM

ආදායම් බදු ගෙවීම හැම අවුරුද්දකම සිදුවන හා විය යුතු දෙයක්... ඒත් අවුරුදු 06ක් බදු නොගෙවන කම් ආදායම් බදු දෙපාර්තමේන්තුව බුදියගෙන ඉඳලාද? මේවා උප්පරවැට්ටි... බොරුවට මොකක් හරි බොරු රාවයක් පතුරුවලා ඒ මුදල් පාලකයින්ගේ ගිණුම්වලට ඔබා ගන්නවා.

:       18       108

ප්‍රසිද්ධ රහස Wednesday, 21 July 2021 11:59 AM

ලංකාවේ බදු හා නීති, සාමාන්‍ය හා දුප්පත් ජනතාවට පමණක් අදාල වන්නේ අද ඊයෙක නොවේ. දශක දෙකකට පෙර පසුගිය රජයන්හි තාමත් මන්දිර හිමි කෝටිපති ව්‍යාපාරිකයින් පවා බදු නොගෙවා බන්ධනාගාරයෙහි කෙටි කලක් ගතකොට ෂෙප් වුණු වාතාවරණයක් තියෙන්නේ. ඒත් දුප්පත් දරුවන් ඉගෙනීමට ජංගම දුරකථනයක් නොමැතිව සියදිවි නසාගන්නවා...

:       21       24

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 137 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 177 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 349 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1141 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 387 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1328 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site