(අංජුල මහික වීරරත්න)
චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකා කුකුල් මස් චීනයට
Hasith Tuesday, 07 January 2025 03:53 PM
දැන් කුකුල් මස් චීනයට යවන්න හදන්නේ, ලංකාවේ කුකුල් මස් ස්වයංපෝෂිත වෙලාද?
karolisTuesday, 07 January 2025 09:21 PM
චීනෙට රිලවා යවල ලංකාවේ මිනිස්සුන්ට කුකුළා දෙන්න සීය හැදුව. මාලිමාව චීනෙට කුකුළා යවල ලංකාවට රිලවා දෙනවා. නැත්තන් කියයි සීය කරපු එකම කරනවා කියල
Pradeep Kumara Tuesday, 07 January 2025 03:55 PM
අපනයනය කිරීම නම් හොඳයි. නමුත් දේශීය පාරිභෝගිකයාටත් පහසු මිළකට ලබා ගන්න බැරි පසුබිමක අපනයනය කිරීම නිසා දේශීය මිළ නැවත ඉහල නොයයිද?
ලක්විදුTuesday, 07 January 2025 07:27 PM
ප්‍රදීප් මහතා, ඇයි අපි දැනුත් පොල්, මාළු වගේ ඒවා අපනයනය කරනවනේ. ඒ වගේ තමයි.
අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:40 PM
කවුරුවත් හිතුවේත් නැති තැනකට රට අරන් යන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පුළුවන් බවයි පෙනෙන්නේ. ලංකාවේ කුකුල් මස් හිඟයක් නැහැ. දැනට තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ නිශ්පාදන වියදම ඉහළ යාමයි. ඒක අඩු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මහ පරිමාණයෙන් නිශ්පාදන කිරිම. එසේ නිෂ්පාදන කරන භාණ්ඩවලට වෙළඳ පොළ සොයාදීමේ ආණ්ඩුවේ කාර්ය භාරය තමයි ආණ්ඩු මේ කරමින් ඉන්නේ...
පිටිගල මිලානෝ Tuesday, 07 January 2025 05:04 PM
රිලා, දඩුලේන්, ඉත්තෑ, මෙණර, වල් ඌරු මස් හෝ සතුන් යවන්න බැරි ඇයි…?
Kumar Tuesday, 07 January 2025 10:36 PM
ඔයා කවුරුවත් කන්නෙ නැති කුකුල් කකුල් (කොරපොතු තිබෙන කොටස) චීනයට යවන්න . තටු ඇමෙරිකාවට යවන්න . ඇමෙරිකාවෙත් කුකුල් කකුල් චීනේට යවනවා . චීනේ කුකුල් තටු ඇමෙරිකාවට එවනවා
Patel Wednesday, 08 January 2025 11:39 AM
මේ වගේ පාප කාරී වැඩ නැතුව කෘෂි කර්මය දියුණු කරලා අපනයානය කරන වැඩ පිලිවෙක් හදන්න. මස් අපනයානය අපේ රටට හොඳ දෙයක් නෙමෙයි. තවමත් මේ රටේ බහුතරයක් ඉන්නෙ බෞද්ධයෝ . පාණාති පාතා වේරමනී