IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලංකා කෙසෙල්වලට චීනයේ හිත යයි

(අංජුල මහික වීරරත්න)

ලංකාවෙි කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ වගා කරන පළතුරු චීනයට අපනයනය කිරීම සඳහා පූර්ව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු අතර  එම අවස්ථාවට චීනයට අවශ්‍ය පලතුරු අපනයනය සඳහා කරුණු ඉදිරිපත් කිරීමට චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ ලංකාවෙි වගා කරන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ‍‍ෆැෂන් ෆෘට් සහ ඇඹුල් කෙසෙල් මෙන්ම කටු අනෝදා ලෝකයේ විවිධ රටවල ජනප්‍රියව ඇති බවයි. දැනට පෞද්ගලික  ආයතන රැසක් අපනයනයට සුදුසු අන්දමින් වගා කරන ලද පළතුරු අපනයනයෙහි යෙදී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

චීනයට ශ්‍රී ලංකාවේ කෙසෙල් අපනයනය සඳහා  වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතත්, මෙතෙක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මකව නැති නිසා යළිත් එම වැඩපිළිවෙල ඇරඹීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන පළතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා රජය වශයෙන් ලබා දීම‍ට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (4)

ලංකා කෙසෙල්වලට චීනයේ හිත යයි

පිටිගල මිලානෝ Thursday, 26 January 2023 11:48 AM

චීන කෙසෙල් කොහොමත් පොඩියි. අපේ කෙසෙලුත් එකරම්ම විශේෂයක් නැහැ.

:       4       8

sharm warn Thursday, 26 January 2023 12:04 PM

චීනෙ හිත ලංකාවෙ හැම මංගල්ලෙටම ගිහිල්ල කියල අපි නම් දැනගෙන ගොඩක් කල්. . තව ඉතින් හිත යන්න තියෙන්නෙ. . . කොහොම වුනත්. . එ ගමන කෙහෙල් හිටවන්න කියල තව කැලෑ අක්කර දාස් ගානකට කෙලවන්න වගෙ. . .

:       5       5

මහින්ද සරමෙරීල Thursday, 26 January 2023 01:40 PM

මූත් එකයි බුල්ඩෝග් බන්දුලයත් එකයි... මොකක් හරි බයිලාවක් කියලා ආණ්ඩුව සතිය ගානේ ගොඩ දානවා...රටට මෙලෝ වැඩක් නෑ

:       5       11

pakeer Thursday, 26 January 2023 02:50 PM

මිනිස්සුන්ට ආණ්ඩුව ගැන මෙලෝ විශ්වාසයක් නැහැ දැන්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 846 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 3 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 368 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 219 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 774 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 236 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site