IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරුන්ගෙන් විරෝධයක්

ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට  කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව  ලංකා විදුහල්පති සංගමය සඳහන් කරයි.

රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ද ප්‍රනාන්දු මහතා පවසයි.



අදහස් (34)

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරුන්ගෙන් විරෝධයක්

THILAK Sunday, 03 October 2021 08:33 PM

ස්ටාලින් නම් බැහැ කිව්වලු ගෙදර කළු කොඩි දාන්න

:       9       33

BamunuarachchiMonday, 04 October 2021 08:50 AM

එච්චරයි අඩු.

:       1       2

නදීකා ගුරුගේ Sunday, 03 October 2021 08:48 PM

දෙමාපියන් ගෙවල් වලට ඇවිත් කලු කොඩි දම්මන දිනයත් වැඩි ඈතක නෙවෙයි කියල සියලු වර්ජිත පිරිස් දැනගත්තොත් හොඳයි

:       17       56

kamal Sunday, 03 October 2021 08:59 PM

කරුණාකර තලේබාන් පන්නයේ ගුරුවරු නොවී සේවය කිරීමට නොහැකිනම් කැමති අයට ඉඩදීලා අස්වෙලා යන්න. මේ තමා මේ රටේ මිලේච්ම වර්ජනය. වෛද්‍ය වර්ජනයකදී කවදාවත් ළමා වාට්ටු වහන්නේ නැහැ. 40 ලක්ෂයක් දරුවන්ගේ අනාගතේ නැති කරන්න 88/89 වගේ ඔයාලට ඕනා.

:       16       56

RaveendraSunday, 03 October 2021 09:44 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ ඉන්නේ ගුරුවරු නොවේ මේ ඉන්නේ වැලේ වැල් නැති දේශපාලුවන්ගේ අතකොලු.

:       12       46

piyarathna Sunday, 03 October 2021 09:51 PM

දැන් ඔය වෘත්තියට තිබුණු ගරුත්වය අවසන් බවත් හිතට ගන්න

:       6       44

DishanMonday, 04 October 2021 09:56 AM

රජයේ අනවශ්‍ය වියදම් කරද්දී මේ ප්‍රශ්නය විසඳුම් නොදී ඇදගෙන යන්නේ ඇයි සිතන්න...

:       5       1

Namal Sunday, 03 October 2021 11:20 PM

මේ වගේ වෙලාවක දරුවෝ ගැන හිතන්න ඕන

:       0       0

dinesha Sunday, 03 October 2021 11:59 PM

තමන්ගේ ගෙදර ඉස්සරහ ඕනේ දෙයක් කරගන්න, පාරට බැහැල උද්ඝෝෂණ කරන්න ගත්තොත් ගුටි කන්න තමයි වෙන්නේ

:       0       1

Kule Monday, 04 October 2021 02:49 AM

මේ කව්ද? මනුස්සයෝද?

:       0       0

Rasika Monday, 04 October 2021 03:42 AM

ඇත්තටම ලැජ්ජා නැද්ද? ගුරු දිනය කියන්නෙ ගුරුවරුන්ට ගෞරව කරන්න වෙන් කල දිනය මිසක් ගුරුවරුන්ගේ ගරුත්වය කාබාසිනියා කරන දවසක් නොවේ

:       0       2

යෝගා Monday, 04 October 2021 04:43 AM

හරි නම් අපියි කලු කොඩි දාන්න ඕන

:       0       0

ඒකනාය​ක Monday, 04 October 2021 07:21 AM

දැන් මේ අය හොඳටම සීමාව ඉක්මවා ගිහින්. හැසිරෙන්නේ ත්‍රස්තවාදීන් පිරිසක් වගේ. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාරවත් සපයා ගන්නවත් බැරි තරම් රට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක මෙහෙම යකා නටන එක අපි කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. උගන්වන්නේ නැත්නම් වැටුප් ගෙවීමත් අත් හිටුවන්න...

:       0       0

anura Monday, 04 October 2021 07:58 AM

ඉතා හොඳ අදහසක්. එතකොට ගහන්න ඕන ගෙවල් හොයා ගන්න ඉතාම පහසුයි.

:       0       2

චන්දන Monday, 04 October 2021 08:11 AM

දැං නම් ගුරුවරු විදුහල්පතිවරු ළමයින්ගෙන් හා දෙමාපියන්ගෙන් ගුටිකන දිනය ඈතක නැති බව පේනවා.

:       0       2

gunarathna Monday, 04 October 2021 08:16 AM

මේ දාලා තියෙන කොමෙන්ට් වලින් පේනව ගුරුවරු ගැන මිනිසුන්ගෙ තියෙන නොකැමැත්ත. මේවා කරලා ආණ්ඩුවට විරෝධය පෙන්නලා අහිංසක දරුවන්ගෙන් පළිගන්ට එපා

:       0       4

මුදියන්සේ. Monday, 04 October 2021 08:42 AM

දෙවිවරු වන් ගුරුවරුන්ට තිබූ ගෞරවය මේ වනවිට බල්ලාටම ගොස් ඇත. මෙය යළිත් ගොඩ නගා ගැනීමට හැකි වේද? සිතීමට කාලය පැමිණ ඇත.

:       0       3

Bamunuarachchi Monday, 04 October 2021 08:48 AM

මින් පසු ඔබලා ගුරුවරයෙකුට දෙන ගුරු ගෞරවය අපෙන් බලාපොරොත්තුවෙන්න එපා. අපිට ඕගොල්ලෝ ගුරාලා.

:       0       6

Senarath Monday, 04 October 2021 09:57 AM

මම වැඩ කරන්නේ මැදපෙරදිග රටක. මේ රාජ්‍ය ආයතනයේ ආදායමේ කිසිම අඩුවක් වෙලා නැති බව අපිට පෙනෙනවා අපි ළඟ තියෙන ව්‍යාපෘති වලින්. ඒ වුනාට වැටුපෙන් 20%ක් අඩු කලා.

:       0       4

සංජීව Monday, 04 October 2021 10:48 AM

ස්ටාලින් ඉතිහාසගත වෙනවා මේ නටවන නැටවිල්ලට.

:       0       2

BamunuarachchiMonday, 04 October 2021 10:09 PM

පාරේ ඇක්සිඩන්ට් එකක්වත් නොවුනොත් හොඳයි.

:       0       0

හර්මානිස් Monday, 04 October 2021 11:21 AM

අතීතයේ ගුරුවරුන්ට දේශපාලන කටයුතුවල යෙදීම තහනම්ව තිබුණා.. ඒ වගේම වැන්දඹු අනත්දරු ක්‍රමයත් ගුරුවරුන්ට වෙනස් ක්‍රමයකට තිබුණා ගුරුවරුන්ට සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසූ ඊරියගොල්ල මැතිතුමා ඇප නැතුව පරාජය කලේ ගුරුවරුය. දේශපාලනය කරලා ගුරුසේවයට පත්වන පිරිස් මැතිවරණය වලට කැන්වසින් ගොස් විදුහල්පතිලා වෙන්නේ අධ්‍යක්ෂ තනතුරු ගන්නේ සුදුසුකම් ඇතිවද? සොයා මේකට හේතු සොයාගන්න...

:       0       7

මහජනයා Monday, 04 October 2021 11:47 AM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේ නම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික / ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ.

:       0       6

SUNIL MILANO Monday, 04 October 2021 11:52 AM

මේ ගුරු හොරුන්ට කවදා හෝ දිට්ට ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙනවාමයි

:       1       8

කිරි පුතා Monday, 04 October 2021 11:59 AM

ගුරු භවතුනි...! නැවත නැවත මේ කාලකන්නි වැඩ වර්ජනයේ නිරත වුවහොත්.., රටේ ආර්ථික අපහසුතාව නොතේරෙන අය ලෙස කරන්නා වූ නොහොඹිනා දේ නිසා දෙමාපියන්ගේ පහර කෑමකට වුවද ලක්විය හැකි වග මතක තබාගන්න.

:       0       9

thilak Monday, 04 October 2021 12:07 PM

දෙපැත්තම දඩබ්බර නොවී මේ ප්‍රශ්නය විසඳන්න... ළමයින්ගේ වටිනා කාලයයි මේ.. ගැටළු විසඳීමේ ක්‍රම දෙපැත්තටම ඉගැන්විය යුතුයි..

:       1       2

fairoos Monday, 04 October 2021 12:50 PM

වහල්ලුන්ට නම් ගුරුවරු, කාලකණ්ණි... අනිත් අයට එහෙම නෑ..

:       9       1

BamunuarachchiMonday, 04 October 2021 10:07 PM

පාසල් යන ළමයි ඉන්න අයට මොනවා හිතෙනවා ඇතිද.?

:       0       0

chandanaTuesday, 05 October 2021 04:42 PM

ගුරු පත්වීමක් ලැබූ අයකු පාසැලක උගන්වන තාක් කල් ගුරුවරයක් වන අතර ඒ් අයම තම පත්වීම් ලිපියේ සඳහන් වැටුප ලබමින් ඒම පත්වීමට අදාල රාජකාරි වගකීම් ඉටු නොකරන තාක් කාලයක් වැඩකට නැති අයෙක් ලෙස හැඳින්වීමට ඔවුනගේ වැටුප් ගෙවීමට දායක වන ජනතාවටද, අධ්‍යාපනය අහිමි දරුවන්ගේ දෙමව්පිය භාරකරුවන්ටද, සාධාරණ අයිතියක් ඇත.

:       0       0

BamunuarachchiWednesday, 06 October 2021 04:20 PM

අපි අපේ ළමයින්ට ඉතිරිකරන අධ්‍යාපන පහසුකම් භුක්තිවිදින තවත් ටිකක් රටේ ඉන්නවා. අපි බදු ගෙවනවා ඒ අය නිකන් ඉඳන් පහසුකම් භුක්ති වින්දනවා.

:       0       0

chandana Monday, 04 October 2021 01:01 PM

ප්‍රායෝගික නොවන මෙවැනි ඉල්ලීම් සඳහා අනවශ්‍ය වටිනාකමක් නොදීමටද රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගත යුතුයි. තවද රජයේ නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමටද, සේවයට වාර්තා කර හෝ තම වගකීම් ඉටු නොකරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමටද ආයතන සංග්‍රහයේ විධිවිධාන ඇත. ඒවා බලාත්මක කර ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. ඒවිට රජයේ වැටුප් වියදම් ඉතිරිකරගෙන එයින් නව පත්වීම් ලබාදීමට හැකිය. වසංගතයෙන් සෑම දෙයක්ම විනාශ වී තිබියදී මෙයද විනාශ වූවා සේ සලකා අළුත්ම වැඩපිළිවෙලකින් නැවත ප්‍රතිසංවිධානය කිරීම සුදුසුයි. මෙපමණ කලක් දරුවන්ට අධ්‍යාපනය නොදීමේ පාපයට දඬුවම රජයෙනුත්, ස්වභාව ධර්මයෙනුත් ලැබිය යුතුමයි...

:       3       7

මහජනයා Monday, 04 October 2021 01:38 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සෑහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයින් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික, ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැර හරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සාහ කරන බවක් පෙනේ...

:       2       6

සනත් Monday, 04 October 2021 03:05 PM

වැඩක් කලේ නැතිව ගෙදරට වී සිට බැංකුවට ගිහින් පඩිය අරගෙන ගෙදර යන විට කළු ඉටි කොල යාරයක් අරගෙන ගොස් ගෙදර ඉස්සර ඉටිකොලය බිම එලා ගෙන වාඩී වී පඩිය මදි කීයක් හරි දෙන්න කියලා කියන්න.

:       0       7

විපරමා Monday, 04 October 2021 05:11 PM

ගුරුකම සේවයක් කියලා හිතාගෙන ගුරුභවතුන්ට සළකපු කාලයක් තිබුනා. සමහර ගුරුවරු හැමදාම ජනප්‍රිය කියන එකම පාසැලේ. ළමයෙක් අලුතින් පාසැලකට දාන්ඩ ගියාම කුට්ටියක් කඩා ගන්ඩ හදනවා. ගෙවල් ගානේ ගිහින්, අමතර පන්ති කරලා තවත් ගානක් හොයාගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2317 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 563 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1123 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5962 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 795 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4948 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site