IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලක් ගෘහ සේවිකාව ලොකුම වන්දියත් අරන් එයි

(ටී.කේ.ජී.කපිල)

තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි.

ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි.

කුවේට් රාජ්‍යයේ (Sabah Al Salim City) ගෘහ සේවය සදහා 2022.10.22 දින ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය.

එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියට බලහත්කාරකම් සිදු කර ඇති අතර පසුව රෝගාතුරව සිටි මෙම තරුණිය ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත බලහත්කාරකම් සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී ඇති අතර කුවේට් ගුවන්තොටුපොළ නිලධාරීන්  තරුණිය ගෙන් කරුණු විමසා මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර, භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්, එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.

 



අදහස් (15)

ලක් ගෘහ සේවිකාව ලොකුම වන්දියත් අරන් එයි

මැක්ස් Monday, 04 September 2023 12:30 PM

එම තරුණියට සිදු වූ ලිංගික අඩන් තේට්ටම සැබවින්ම කණගාටුදායක වුවත්, ඇයගේ පිහිටට ආ තානාපති නිලධාරින් සියලුදෙනා විසින් පෙන්වා දෙනු ලැබූයේ ශ්‍රී ලංකා විදේශ සේවයේ යහපත් මිනිසුන් ද සිටින බවයි...

:       0       108

gamge Monday, 04 September 2023 12:36 PM

කරුණාකර මෙම කාන්තාවගේ නම් ගම් හෝ පදිංචි ප්‍රෙද්ශයවත් හෙළි කරන්න එපා. අපේ එවුන් ඒකටත් කෙළියි...

:       0       82

sanath Monday, 04 September 2023 12:38 PM

මෙරට තරුන තරුණියන්ට රැකියා මේ රටේදීම නිර්මාණය කිරීමට විදෙස් ආයෝජන ආකර්ශනය කරගන්න.

:       0       41

janahithaMonday, 04 September 2023 01:32 PM

අගය කරනවා අදහස... මේ ගැන මහින්ද මහත්තයාගේ පවුලේ අයගේ දැනගැනීමට සැලැස්වුවා... ඉක්මණින් විසඳුමක් ලැබෙයි. නමුත් දැනට එක්රැස් කරගෙන තිබන විදේශ සම්පත් නඩත්තු කිරීමට තිබෙන නිසා මහබැංකුවේ මුදල් නොමැතිකමින් අපහසු වෙනවලු...

:       6       16

S KUMARA Monday, 04 September 2023 01:03 PM

කරදරයට පත්වන සියලු දෙනාටම ඒ ආකාරයටම උදවු කරන්න

:       0       33

Pradeep Kumara Monday, 04 September 2023 01:21 PM

මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල රු ලක්ෂ 68ද? අද මුදලේ ඇති වටිනාකමත් එක්ක බලද්දී ඒක එතරම් ලොකු මුදලක්ද?

:       7       41

wimal Monday, 04 September 2023 01:39 PM

ඕවට නීතිය මදි අපේ රජයේ තියන දුර්වලකම .උන්ගේ ගෑනියෙකුට කලානම් පනතියනකම් මරණ දණ්ඩනය

:       2       16

kavidhu Monday, 04 September 2023 01:45 PM

අතවරයකට පත්වෙලා කිසි වන්දියක් නොලැබුණු කෙනෙක් වගේ... ඔයාගේ දුක සාධාරණයි ප්‍රදීප්...

:       15       3

Pradeep KumaraMonday, 04 September 2023 02:44 PM

යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ කතාවක් තමයි ඔයා කරන්නේ... මම කතා කරන්නේ මට අහිමි වූ වන්දියක් ගැන නෙමෙයි මහත්මයා. මේ තරම් විපතක් වෙලත් හිමිවුණු සොච්චම් මුදල ගැන කරලා තියන වර්ණනාව ගැනයි. ඉතිහාසයේ මෙතෙක් ලැබුන ලොකුම මුදල මේක නම් කලින් අයට හිමිවුණු වන්දි ගැන හිතාගන්න පුළුවන් කියන එක තමයි මම අදහස් කළේ. සිංහල භාෂාව වුණත් කියවා තේරුම් ගැනීමට සිංහල වූ පමණින් හැමෝටම බෑනේ.

:       0       27

Nihal Monday, 04 September 2023 02:13 PM

ඔවුන් ස්ත්‍රී දූෂණ කළාට බෙල්ල කපන්නේ නෑ... ෂරියා පිටරැටියන්ට පමණයි...

:       0       23

Ruwan priyadarshana Monday, 04 September 2023 03:14 PM

කුවේට් ඩිනාර් 6500 වන්දිය . ඒ මුදල ලංකාවේ සල්ලි වලින් ලොකු මුදලක් වුනාට කුවේට් රටේ පොඩි මුදලක්. කුවේට් කාරයෙක්ට මාසෙකට හම්බ වෙන මුදල් ප්‍රමාණය ඊට වැඩියි. ලංකාවේ ගෘහ සේවිකාවක් අතින් මොකක් හෝ වුනොත් කස පහර, නැත්නම් බෙල්ල කපලා මරනවා. දැනෙන්න දඩයක් ගහන්න ඕනේ

:       0       20

namal Monday, 04 September 2023 04:21 PM

වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින් රට විනාශ කරපු හින්දයි අද රටේ තරුණයින් ,තරුණියන් වෙන රටවල් වලට ගිහින් දුක් මහන්සි වෙන්නේ . රට ගියපු උදවිය දන්නවා ඒ වේදනාව සහා දුක . රට මේ තත්වයට පත් කරපු වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින්ට ශාප වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       3       15

කුවෙට් මල්ලි Monday, 04 September 2023 06:17 PM

අරාබිකරයෙ තිබෙන තෙල් රටවල් අතුරින් නරකම නූතන වහල් සේවය තිබෙන පළවෙනි රට කුවෙට් රාජ්‍යයයි. ඉතාමත් අල්පයක් ඉතා හොඳින් සලකා වැටුප් ගෙවන කොටසකුත් ඉන්නවා...

:       0       13

M.c perera Tuesday, 05 September 2023 01:30 PM

හරියට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල්ස් ගෙනාවා වගේ නේ කතාකරන්නේ .ගෑනු විකුනලා හරි අපේ එවුන්ට විදේශ මුදල්

:       0       3

Mayura Tuesday, 05 September 2023 11:22 PM

යකො ජාතියක් හැටියට ලැජ්ජ වෙයව් . අඅරාබියේ දූෂණය උනාට වඩා අපේම රටෙ අපේම මිනිස්සුන්ව දූෂණය කරනවා මේ මාද්‍යවේදියො තමන්ගෙ පව්ලෙ අක්කට නංගිට උනානම් මෙහෙම සල්ලි අරන් සද්ද නැතුව ඉදිද , අරාබියේ කෙල්ලෙක්ට උනානම් බෙල්ල කපලා එවන්නෙ අපෙ රටේ ඉන්න ජනාධිපතිවරයා ඉදන් මාද්‍යවේදියො දක්වා මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය විකුනගෙන කන එක තමා කරන්නෙ .. අපෙ මිනිස්සුන්ගෙ ඔලුව හැදුන දවසට මෙ රට කොන්දක් තියෙන රටක් වෙයි. නියම සිංහල රජෙක් බිහිවුන දවසට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 4 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 619 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 540 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 607 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 835 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3814 10

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 324 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site