(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ලෝක බැංකුව ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
උග්‍රවන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂක ෆාරිස් එච් හඩාඩ් මහතා පැවසුවේය.
එපමණක් නොව අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමටද ශ්‍රී ලක්නව අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 වසර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තුව සියයට 25.6 ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මිලියන 2.7 ක් දක්වා වැඩි වී ඇති බවත් හඩාඩ් මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවන හානිය අවම කරමින් ආර්ථික අර්බුදයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කළ යුතු බවත් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ආදායමේ සැබෑ වටිනාකම නැවත ඇති කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්
ranjith Friday, 07 October 2022 01:52 PM
මේ සංඛ්‍යා ලේඛනත් වැරැදියි කියලා අපේ පාලකයෝ කියවාවි... අපේ පාලකයන්ට අනුව රටේ කිසිම ගැටලුවක් නැහැ. 134 ට ගැටළුවක් නැතිව ඇති...
pakeer Friday, 07 October 2022 02:41 PM
මේවා බොරු.ලබන අවුරුද්දේ මැද මේක හරියනවා