(බිඟුන් මේනක ගමගේ)
රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.
2016 සිට 2019 වසර දක්වා සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලියාපදිංචි සමාගම්වලින් මිලදීගැනීමේ ක්‍රමය යටතේ සිදුකර ඇති අතර එයින් රජයට සිදුව ඇතැයි කියන පාඩුව රුපියල් ලක්ෂ දහස් ගණනකි.
වෙළෙඳපොල වටිනාකම මෙන් කීප ගුණයකට විදුලි ජනක යන්ත්‍ර, ශීතකරණ, වායු සමීකරණ හා ඇසුරුම් රාක්ක ඇතුළු උපකරණ රැසක් ලක් සතොස සඳහා මේ යටතේ මිලදීගෙන තිබේ.
මේවා ශ්‍රී ලක්ෂණ හා උකායි යන සමාගම්වලින් උපකරණ තොග වසර තුනක කාලයක් තිස්සේ මිලදීගෙන ඇති අතර රුපියල් කෝටි 170 අධික මුදලෙන් විශාල කොටසක් දැනටමත් ගෙවා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පසුව මෙම ගනුදෙනුවේ සැකසහිතභාවය නිසා පරීක්ෂා කිරීම්වලින් පසුව එහි සෙසු ගෙවීම් අත්හිටුවීමට බලධාරින් තීරණය කර ඇත.
සිදුවීමට අදාළ වෙනම විමර්ශන කිරීමෙන් පසු බලධාරින් ඒ ගැන වැඩිදුර විමර්ශනයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දී ඇතැයි ද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක් සතොසේ තවත් වංචාවක් ගැන තොරතුරු සී.අයි.ඩීයට
Kule Friday, 01 October 2021 01:17 PM
ඒ යටිමඩි ගැහිල්ලෙත් වාසිය පසුගිය රජයෙන් සහරාන්ටද?
Raveendra Friday, 01 October 2021 01:41 PM
ඔතන වංචාවක් වෙලා නැහැ. මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක්...
RaveendraFriday, 01 October 2021 05:57 PM
ඔබට හොඳටම විශ්වාසද එහි වංචාවක් සිදුවී නැති බවට? තවද මෙම පුවතෙහිම සඳහන් වී අැත්තේ මෙම සිදුවීම 2016-2019 වකවානුවක බව නොවේද? (2016 සිට 2019 වසර දක්වා සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලියාපදිංචි සමාගම්වලින් මිලදීගැනීමේ ක්‍රමය යටතේ සිදුකර ඇති අතර එයින් රජයට සිදුව ඇතැයි කියන පාඩුව රුපියල් ලක්ෂ දහස් ගණනකි) එබැවින් ඔබට මව් බසේ දැනුම පිළිබඳව ගැටළුවක් තිබේදැයි සැකයක් ඇති වන්නේ අපට පමණමද?...
Asela Friday, 01 October 2021 04:50 PM
මේ ආණ්ඩුවේ අයගේ හොර යටගහන්න. හොරකම් කරපුවා වහන්න පහුගිය ආණ්ඩුවේ හොර අල්ලන්න යනවා. කමක් නැහැ පිළිවෙලින් අල්ලගෙන අල්ලගෙන එමු. මේ ගැන ඇහැ ගහගෙන ඉන්න .