IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලංකා සමසමාජ පක්ෂයෙන් රජයට යෝජනාවලියක්

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා සම සමාජ  පක්ෂය  රජයට යෝජනාවලියක් බාරදීමට  තීරණය කර ඇත.

එම යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා  ලංකාදීපයට පැවැසීය.

මේ අතර  දූෂණ වංචා සහ අක්‍රමිකතා නිසා රටේ විශාල ධනයක්  නාස්තිවන බවත්  එම  නාස්තිවන මුදල ඉතිරි කරගතහොත් මෙරටේ අයවැය පරතරය පවා ඉන් පියවා ගත හැකි වනු ඇති බවත්  මන්ත්‍රීවරයා කීවේය.

මේ නිසා රටේ සිදුවන දූෂණ,වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද  හෙතෙම සඳහන් කළේය.

ඇතැම් රාජ්‍ය ආයතනවල මහා පරිමාණයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවන බවත් රජයේ ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස   ඇතැම් දූෂණ වංචා දැක තමා කම්පනයට පත්වූ බවත් ඔහු කීවේය.

මේ අතර  ගෑස් මිල වැඩි කෙරුණු ආකාරය ගැන තමාගේ ප්‍රසාදයක් නැති බවත් ඒ සම්බන්ධයෙන්ද  රජයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ‍ය.



අදහස් (5)

ලංකා සමසමාජ පක්ෂයෙන් රජයට යෝජනාවලියක්

ගජමිතුරු Tuesday, 12 October 2021 03:04 PM

ඔය යෝජනාව සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිට දූෂණය හා නාස්තිය සඳහා දෙනවා කියන කෝටි 1000 ගැනත් ඇතුළත් කළාද?

:       0       3

Rocky Tuesday, 12 October 2021 03:32 PM

සමසමාජ පක්ෂය කියලා එකක් තවමත් තියෙනවද?

:       1       3

kamal Tuesday, 12 October 2021 04:11 PM

සාදුකින් පෙළෙන අය යළි ඉතින් නැගිටියව්..

:       0       1

Royfedricks Tuesday, 12 October 2021 04:16 PM

මේ මේ මේ... සහෝදරයා පිස්සු කතා විතරක් කියන්න එපා. නාස්තිය, දූෂණය නැතිකළාම ඔය මන්ත්‍රීලා, ඇමැතිලා කීයක් හරි හොරකම් කරගන්නේ කොහොමද? ඒ මිනිස්සු කැමතිද නිරූපමාට වඩා පහළින් ඉන්න.

:       1       1

ගමේ එකාලා Tuesday, 12 October 2021 05:18 PM

විහිලු කතා කියනවා. ඔය පක්ෂය නමට විතරයි. මොකක්ද මෙච්වර කල් කරපු දේ..? විප්ලවවාදියා කියලා කෙනෙක් ඉන්නවා වයසක පොරක්..? බොරුවට බෙරිහන් දීපු එක විතරයි සිද්ද වෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1652 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1288 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 824 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6290 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2329 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 885 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site