(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.
කතානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුවය.
මෙම ලිංගික අතවර සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීය.
සිද්ධිය පිළිබඳව මුලින්ම රටට තොරතුරු අනාවරණය කළේ අප ලංකාදීප පුවත්පතයි.
එම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබීය.
එම මණ්ඩලය දුන් මූලික විමර්ශන වාර්තාව අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කෙරිණ.
කමිටු වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට පසුගියදා බාර දෙනු ලැබීය.
මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ
මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන විවිධ අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම්වරියගේ නියෝගය පරිදි මේ දිනවල විමර්ශනයක් පැවැත්වේ.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේදී පසුගිය 7 වැනිදා අනාවරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින් එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ අතර එම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි
pj Saturday, 11 January 2025 03:14 AM
බබාටත් දැන් මාස 6 ක් වෙලා.. දැන් ද තාත්තා කවුද කියලා හොයා ගත්තේ...? පාර්ලිමේන්තුවේ සේවාවට අවලස්සන කාන්තාවන් හෝ නපුංසක චරිත බඳවා ගැනීමට යොමුවන්න...
nimalSaturday, 11 January 2025 03:44 PM
එහෙ කළා කියලා බබාලා හම්බ වෙන්නේ නැත.
පිටිගල මිලානෝ Saturday, 11 January 2025 03:44 AM
අපි නම් දන්න විධියට මේ අයව අධිකරණයට ඉදිරිපත් කරනවා. මොකවත් නොකර ගෙදර යවන්නේ කුමන නීතිය අනුවද…?
ජගත් ලියනගේ Saturday, 11 January 2025 07:57 AM
පුදුමාකාර තැනක්නේ පාර්ලිමේන්තුව.
මුතුමනි Saturday, 11 January 2025 08:56 AM
පව් අහිංසකයෝ...!
මහේල Saturday, 11 January 2025 10:36 AM
අභ්‍යන්තර පරීක්ෂණ හොඳින් වෙනවා නම් බාහිර පරීක්ෂණ ඉල්ලා සිටින්නේ ඇයි?
හේරත් Saturday, 11 January 2025 01:17 PM
යන්ත්‍ර හොඳින් කරලා නිසා තමයි ගෙදර යවලා තියෙන්නේ.