(නිශාන්ත කුමාර)
ලොග්ගල්ලා ඔයේ දැවටගොල්ල තොටුපොළ හරහා පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් දැවටගොල්ල , උඳුගොඩ, බලගොල්ල ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
තොටුපළ හරහා පාලමක් ඉදිකර දෙන ලෙස බලයට පත් වූ සෑම රජයකින්ම ඉල්ලීම් කළද මේ වන විටත් එය ඉටු නොවීම හේතුවෙන් තමන්ට මේ අයුරින් අනාරක්ෂිත ලෙස මෙම තොටුපොළ හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයි පාලමක් ජනතාව පවසති.
මීගහකිවුල සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බලගොල්ල දැවටගොල්ල, මැදයාය, උඳුගොඩ පල්ලෙඅරාව කුරුවිතැන්න, වීරගොල්ල ආදී ගම්මාන එකිනෙක වෙන්වන්නේ මෙම ගම්මාන අතරින් ගලා බසින ලොග්ගල්ලා ඔයෙනි.
ලොග්ගල්ලා ඔය හරහා පාලමක් නොමැති වීම හේතුවෙන් මෙම ගම්මානවල ජනතාව ලොග්ගල්ලා ඔය හරහා එහා මෙහා ගමන් ගන්නේ ලොග්ගල්ලා ඔයේ පිහිටි දැවටගොල්ල තොටුපොළ හරහා ඉණ වටක් දියේ ගිලෙමිනි.
රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි උඳුගොඩ මැදයාය, දැවටගොල්ල ආදී ගම්මාන වල දරුවන්ට අධ්‍යාපනය හැදැරීම සඳහා එම ප්‍රදේශය තුළ පාසලක් නොමැති අතර ඔවුන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන්නේ ලොග්ගල්ලා ඔයට මෙපිටින් පිහිටි මීගහකිවුල හා බලගොල්ල විද්‍යාලවලට බව ජනතාව පවසති.
ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම අඩු අවස්ථාවලදී ඔවුන් ඔයේ ඉණ වටක් ගිලී මෙගොඩ පැමිණ පාසල් යන අතර ඔයේ ජලය වැඩි අවස්ථාවන් වලදී අබලන් පාරුවක නැගී මෙගොඩට පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩ දැමීම සඳහා සකසාගත් අබලන් පාරුවකින් ඔවුන් මෙලෙස එහා මෙහා ගමන් ගන්නා අතර පාරුවට යොදා ඇති හුලං පිරවූ ටියුබ් අබලන් වූ විට පාරුව භාවිතා කළ නොහැකි බවද ඔවුහු කියති.
අවස්ථා කිහිපයකදීම පාරුව පෙරළී යාම සහ ගසාගෙන යාම හේතුවෙන් මේ වන විටත් සැළකිය යුතු පිරිසක් ඔයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූ බව ගම්වාසීහු පැවසූහ.
පාරුව නොමැති අවස්ථාවලදී එක් අයෙකු එගොඩට පිනා ගොස් පාරුව මෙගොඩට ඇදගෙන ඒමට සිදුවන බවද මෙම ඔවුහු කියති.මෙම තත්ත්වය මත පාසල් යන දරුවන්ට ඇඳුම් දෙකක් රැගෙන පාසල් යාමට සිදුවන ඇතිබව ප්‍රදේශවාසීහු පවසති.
මෙම තත්ත්වය මත ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන නගරය වෙත රැගෙන ඒම ද සෙසු භාණ්ඩ ප්‍රවාහනය ද අඩාල වී ඇතැයි ඔවුහු පවසති.
මෙම ස්ථානය හරහා ගමන් නොකර විකල්ප මාර්ගයක් භාවිතා කරන්නේ නම් තමුන්ට අමතර කිලෝ කිලෝමීටර් 10 ක පමණ දුරක් යාමට සිදුවන බවද ප්‍රදේශවාසීහු පවසති.
මෙම තත්තවය මත අධික වර්ෂාව සහිත කාලවලදී දරුවන්ගේ පාසල් ගමනට තිත තැබෙන අතර සෙසු අවශ්‍යතා සපුරා ගැනීම ද ඔයේ ජල මට්ටම අඩුවන තුරු සීමා කිරීමට සිදුවන බව ගම්වාසීහු පවසති.
මෙම ස්ථානයට පාලමක් සකස් කර දෙන ලෙස වගකිව යුතු බොහෝ පිරිසකට ඉල්ලීම්ඉදිරිපත්කළද මේවන තුරුත් එය ඉටුවී නැතැයි ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
‘‘මීගහකිවුල සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා දෙක දුප්පත් ප්‍රාදේශීය සභා දෙකක්. මේ එක සභාවකටවත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් කරන්නට වත්කමක් නැහැ.
විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී බැසිල් රාජපක්ෂ මහතා වෙත කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ පාලමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරා.
නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ එය වෙනස් වුණා. ඉන්පසුව යහපාලනය රජයටත් යෝජනා ඉදිරිපත් කළත් ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වූයේ නැහැ.
වත්මන් රජයට යෝජනාවක් ඉදිරිපත් කර මෙම ස්ථානය හරහා පාරලමක් ඉදිකර දීමට ඉදිරියේදී කටයුතු කරනවා‘‘යැයි ඒ මහතා පැවසීය.
මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප
ශ්රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවර
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලොග්ගල්ලා ඔය හරහා අවදානම් ගමනක යෙදෙන ගැමියෝ
කසුන් - ගම්පහ Wednesday, 22 January 2020 03:06 PM
අවුරුද්දකට කොච්චර අනවශ්‍යය මුදල් ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවෙන් වැය වෙනවාද ? රටේ මේ වගේ තැන් තියෙන්නෙ එකක් දෙකක් එහෙම නොවෙයි... අනේ අර දරුවෙක් දෙන්නෙක් එහෙම වතුරට වැටුනොත් මොන දෙයියන්ට කියන්ටද ? වගකිවයුත්තන්ට මේ දුක පෙනේවා....
saman Thursday, 23 January 2020 11:13 AM
මේ අය පාරුවේ පාවුණාට, අපේ මන්ත්‍රී නම් පාවෙන්නේ බෙන්ස් එකේ. කාටද ආඩම්බර?
sampath Thursday, 23 January 2020 11:55 AM
සමහර පාරවල් වල මල් පෝච්චි තියද්දි සමහරුන්ට යන්න ඒ දණ්ඩක්වත් නැහැ. මේක තමයි සම්පත් බෙදීයාමේ විෂමතාවය අසන්තුලිත සංවර්ධනය