IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින්

(ආර්.එෆ්.එම්.සුහෙල්)

ප්‍රබල පාතාල ක්‍රියාකාරියකුව සිට වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, දෙස් සහ විදෙස් ගත මුදල් විශාල ප්‍රමාණයක් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.

මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳය අයත් යැයි සැලකෙන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය අනූවක මුදල් , ඇමරිකානු ඩොලර් 05ක් , මෙතෙ වටිනාකම තක්සේරු කළ නොමැති විවිධ වර්ගයේ වටිනා මැනික් කැට 91 ක් , මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් , රන් පැහැති මාල දෙකක් , අත් පළඳනාවක් , මුදුවක් පැනඩලයක් වලල්ලක් , ජංගම දුරකථන පහක් බැංකු ගිණුම් තුනක් , මුදල් පේෂන කාඩ් පත් දෙකක් ඇතුළු දෑ පොලිස් බාරයට ගෙන ඇත.

ලැකුම්හල බාරව කටයුතු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .

මාකඳුරේ මධුෂ් නමැති පුද්ගලයාගේ අනියම් බිරිඳ නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ ලැගුම්හලක නතරවී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය අදාල නැඟුම්හල පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළ අතර ලැගුම්හලට පැමිණි පිරිසකගේ වාහනයක් ලැගුම් අසල ඉදිරියේ නවතා ඔවුන් නැවතී සිටි කාමරය ද අගුල් දමා වසා ලැගුම්හලින් පිටව ගොස් ඇති බව එහි හිමිකරු පවසා ඇත.



අදහස් (3)

ලැගුම්හලක සිටි මධූෂ්ගේ හොර බිරිය පොලිසිය එද්දී පැන ගිහින්

Mangala U Ranasinghe Saturday, 23 December 2023 05:22 AM

මේක මාර රටක්, නීතිය, ආත්ම ගරුත්වය වල් වැදුණු රටක්... මාකඳුරේ මධුෂ් කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ. ඔහු පාතාලයෙක් වෙන්න පුළුවන්, කුඩු කාරයෙක්, කුඩු මුදලාලි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් කාටවත් අයිතියක් තියෙනවාද ඒ මනුස්සයා ආශ්‍රය කරපු ගෑනු, යාලුවෝ අත්අඩංගුවට ගන්න නිකං... ඒ මිනිහා ආශ්‍රය කරපු පළියට. ඒ කාන්තාවට අපහාස කරන්න. වෙන එකක් තබා අර හෝටලයේ අයිති මනුස්සයාවත් අත්අඩංගුවට ගන්න. මම ඉන්නේ කැනඩාවේ. මේ රටේ කිසිම මනුස්සයෙක් අත්අඩංගුවට ගත්තාට පස්සේ නම් ගම් හෙළි කරන්නට සම්පූර්ණයෙන් තහනම්. වැරැදිකාරයා වුණත්, නැතත්.... මොකද වැරැදි කරන්නේත් මිනිස්සු... වැරදි ,නිවැරදි කරගන්නේත් මිනිස්සු. නීතිය හමුවේ කිසියම් කෙනෙක් වැරැදිකරු වෙනකන් ඇයට හෝ ඔහුට මේ ආකාරයට අපහාස කරන්න කාටවත් ඇති අයිතිය මොකක්ද?

:       19       21

Weerasekara Saturday, 23 December 2023 06:13 PM

මංගලට මදූෂ් සමග සම්බන්ධයක් තිබුණාද කියලා ඔහුගේ ප්‍රකාශය අනුව හැඟීමක් ඇතිවෙනවා.. කැනඩාව කියන්න ස්වාධීන රටක් වගේම ලංකාව කියන්නේ තවත් එහෙම රටක් තමයි කොහොම වුණත් මංගල තමන්ගේ උපන් රටට හානියක් වෙන දේවල් නොකියා ඉන්න බලන්න..!

:       4       8

Nandana Saturday, 23 December 2023 01:58 PM

කුඩුවලට ගෑවුණු අය සේරම ගන්නවා.. ඔයාට අවුල්ද?

:       1       17

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1436 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 279 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2270 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1251 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 674 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 452 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site