(රංජිත් කරුණාවිර)
කොළඹ සිට කල්මුනේ දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් බදුල්ල දෙසින් පැමිණි වෑන් රථයක්, මහියංගණ පොලිස්ථානය ඉදිරිපිටදී අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි.
අද (13)අලුයම මෙම අනතුර සිදුව තිබේ.
වෑන් රථයේ සිටි 05 දෙනෙකු හා බස් රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මහියංගණ පොලිසිය කීවේය.
අනතුරින් මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ,බතලයාය, අළුත්තරම, අංක 70 දරණ නිවසේ ආර් එම් තුෂාර ප්‍රදීප් රත්නායක නැමැති අයෙකි.
බදුල්ල දෙමෝදර මංගල අවස්ථාවක් සදහා ගොස් යලි පැමිනෙමින් තිබු වෑන් රථයක් මෙලෙස අනතුරුට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනෙත් වර්ණසුරිය මහතා, පො. සැ. 36777 ජයලත් යන නිළධාරීහු පරික්ෂණ කරති.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංගම බසය-වෑන් රිය ගැටී අයෙක් මරුට: 6ක් රෝහලේ