IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ධුරයට  පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් මෙන්ම ජනාධිපති පැටුපද ගෙන හොර පූසෝ සිටි බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය  දැරූ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වූ විට මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ලැබුණ බවට කිසිවකුත් දැන නොසිටි බව කී ජනාධිපතිවරයා තමා එම මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කර බව සඳහන් කළේය.

එමෙන්ම මන්ත්‍රී කෙනෙක් ඇමති ධුරයක් ගත් පසු ඇමති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබූ බව කී ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගැනීමට තීරණයට එළඹි බවද සඳහන් කළේය.

එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කරන බව කී ජනාධිපතිවරයා එම පනතත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව සඳහන් කළේය.

අත උස්සන්න ලෑස්ති වෙලා ඉන්නැයි විපක්ෂයටත් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කීය.

රුපියල් ලක්‍ෂ දහයකට තිබූ මන්ත්‍රී රක්ෂණය අගෝස්තුවේ සිට ලක්‍ෂ දෙකක් දක්වා පහත දමන බව ද ජනාධිපතිවරයා කීය.



අදහස් (8)

ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි

Gamunu Friday, 21 March 2025 07:56 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා සිටි කොපමණ පිරිසක් ජනාධිපතිවරු වී තිබේද?

:       1       4

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 21 March 2025 08:14 PM

පළවෙනි අයවැයෙන් අරක කරනවා... පෝය දෙකෙන් මේක කරනවා කියලා කිව්ව නිසා මන්ත්‍රී විශ්‍රාම වැටුපටත් එහෙම කරයි. පළාත් පාළන ඡන්දෙට මේක සම්බන්ධ නැහැ. අන්තිම ඡේදය නිකන් දැම්මේ...

:       3       7

අමල් Friday, 21 March 2025 08:38 PM

තඹුත්තේගම අනුර මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කිව්වට, එයා එක්ක ඉන්න මල්ලිකා, හමුදාවේ ඉඳලා මැරුණු නිත්‍යානුකූල කසාදේ ස්වාමිපුරුෂයාගේ විශ්‍රාම වැටුප තවම ගන්නවා ! එතකොට කවුද හොර පූසී ? අපි නොදන්න ලපේ !

:       9       12

Nihal Friday, 21 March 2025 08:41 PM

අපි කලින් සින්නක්කර ගෙන හිටපු පක්‍ෂයටම ඡන්දය දුන්නු අයනේ, හදිසියේම වගේ තමයි මාලිමාවට ඡන්දය දෙන්න හිතුනේ, පළමුවතාවට දීපු ඡන්දය ගැන පවුලේ සියලු දෙනාම ඉතා සතුටින් බව කිය යුතුයි. ඇස් දෙක පල්ලා...

:       5       11

Asela Friday, 21 March 2025 08:50 PM

අපි නැවත නැවතත් අහන මේ කරදරේ නවත්තන්න පුළුවන්ද?

:       3       9

ජගත් ලියනගේ Friday, 21 March 2025 08:59 PM

මෙම ක්‍රියාවන් තමයි අපි බලාපොරොත්තු වූ සැබෑ වෙනස... ජයවේවා!

:       6       7

Sameera Friday, 21 March 2025 09:41 PM

නිදහස් අධ්‍යයනයේ බිහිවී නිදහස් සිතුවිලි තම සගයින්ට නිදහස් ලෙස ප්‍රකාශ කිරීම! මෙය තාර්කික හෝ රටක් සංවර්ධනයට පාදක වන අයවැය කතාවකට කිසිම සම්බන්ධතාවයක් නොමැත! ඇම්ඩන් talks! කෙඳිරිගායි...!

:       0       2

චන්දරෙ Friday, 21 March 2025 10:46 PM

අද අන්දරේත් පාර්ලිමේන්තුවට ඇවිත් ඔක්කොම හිනස්සලා ගියා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 196 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 956 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 605 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 857 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක්
2025 මාර්තු මස 21 64 0

ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 776 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 26 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 487 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1090 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site