(***ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාත්තන්කුඩි ප්‍රදේශයේ හෝටලයක මුදල් අයකැමියකුගේ ලාච්චුවේ තිබූ රුපියල් 1000ක් සොරාගත් බව කියන උපපොලිස් පරීක්ෂකයකුගේ වැඩ ඊයේ (27) තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දූෂණ මර්දන අංශයක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකයෙකුගේ බව ද පොලිසිය පවසයි.
පසුගිය මහ මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා මෙම උපපොලිස් පරීක්ෂක කාත්තන්කුඩි පොලිසියට අනුයුක්ත කර සිටිය දී මෙය සිදුවී ඇති බව ද කියති.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මීට ඉහතදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000ක ශරීර ඇපයක් මත මුදාහැර තිබිණි යැයි පොලිසිය කීය.
පසුව මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් මූලික පරීක්ෂණයක් පවත්වා සැකකාර උපපොලිස් පරික්ෂකවරයාගේ වැඩ මෙසේ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාච්චුවෙන් 1000 ක් ඉස්සූ එස්.අයිගේ වැඩ තහනම්
Mahesh UK Friday, 28 August 2020 07:25 AM
වැඩ තහනම් කරන්න ඉස්සෙල්ලා මේ ගැන මානුෂීයව හිතන්න ඕනෑ. රුපියල් 1000ක් හොරකම් කරන්න නම් සමහරවිට ආර්ථික අමාරුකම් ඇති.
PradeepFriday, 28 August 2020 07:43 AM
ඒක නිදහසට කරුණක් නෙමෙයි නේද මහත්තයෝ...? අනික මෙවැනි නිලයක් දරන කෙනෙකුට රු.1000ක් හොයා ගන්න බැරි වෙන්න තරම් ආර්ථික අපහසුවක් වෙන්න බෑ. එක්කෝ මෙයා සූදුවට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඇති. මොනවා වුණත් දීපු දඬුවම නියමයි.
Mahesh UKFriday, 28 August 2020 09:02 AM
එහෙනම් ලංකාවේ ඉන්න පාතාලයන්, කුඩු බිස්නස් කාරයින් ඔක්කොම... පොලිසියේ ඉන්න බහුතරයක් එල්ලුම්ගස් යවන්න ඕනෑ. අපිට පිටින් ඉඳන් මේවා තොරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළට යන්න ඕනෑ. එතකොටයි තේරුම්ගන්න පුළුවන්.... ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා...
Prabha Friday, 28 August 2020 11:29 AM
මහේෂ් ඔහේගේ මොලේනම් මරු... ඇයි මෙයාට පොලිස් සගයෙක්ගෙන් අතමාරුවක් කරගන්න තිබුණා වගේ අදහසක් ආවේම නැද්ද?
rihan Friday, 28 August 2020 07:41 AM
රුපියල් 1000ට සමාවක් නැද්ද? ආර්ථික ප්‍රශ්න ඇති...
Premawardhana Friday, 28 August 2020 08:22 AM
මේ වගේ මිනිස්සු ගැන දුකකුත් ඇතිවෙනවා. කොහොම වුණත් සියල්ලටම කලින් මානව ගුණධර්ම, ඉවසීම යනාදිය සමාජය තුළ ස්ථාපිත කරන්න ක්ෂණික වැඩ පිළිවෙළක් අවශ්‍යයි.