IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලිට්‍රෝ ගෑස් මූල්‍ය සංචිතයෙන් කෝටි 1000ක් වැයකරයි

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ ජනතාවට බරක් නොදීම සඳහා කටයුතු කිරීමෙන් ලිට්‍රෝ ගෑස් සමාගම උපයාගෙන තිබූ මූල්‍ය සංචිතයෙන් රුපියල් බිලියන 10ක් හෙවත් කෝටි 1000ක් මෙම වසර තුළ පමණක් වැය කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති නීතිඥා තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

රටේ හැදෙන වැවෙන දේවල් අඩු මිලට දෙන්න බෑ කියන වර්තමානයේ රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍රෝ සමාගම වෙනත් රටකින් ගේන දේයක් මේ ආකාරයට පාඩු ලබා ජනතාවට ලබාදීම ගැන ආයනයක් හැටියට සතුටු විය හැකි යැයි පැවසූ සභාපතිවරයා ලාභ ලැබූ රාජ්‍ය ආයතනයක් ලෙස ලිට්‍රෝ සමාගම වසර 10 ක පමණ කාලයක් ඉතිරි කරගෙන තිබූ මුදල් මේ වැය කළ බවත් සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම වර්තමාන මිලට ගෑස් සැපයීමෙන් දිනකට මිලියන 80ක් හෙවත් ලක්‍ෂ 800ක් පමණ පාඩු ලබන බවත් මේ ආකාරයට තව දුරටත් පැවතිය හොත් ලිට්‍රෝ සමාගමට ද ණය ඉල්ලීමට සිදුවිය හැකි බවත් තෙෂාර ජයසිංහ මහතා කීය.

ආයතනය අඛණ්ඩව පත්වාගෙන යෑම සඳහා ගෑස් මිල වැඩි කරන ලෙස කාලයක සිට ඉල්ලීම් කළ ද මේ දක්වා හොඳ ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් කළ සභාපතිවරයා පැවසුවේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 368 ක් තිබියදී 2019 වසරේ අගෝස්තු මස පාරිභෝගික කටයුතු අධිකාරිය වර්තමාන මිල නියම කර ඇති බවත්ය.

අද වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 665 ක් දක්වා ඉහළ ගොස් ලබන මාස වන විට එය ඩොලර් 740 ක් වැඩි වනු ඇති බවට විශ්වාස කරන බව ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති නීතිඥා තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

ලිට්‍රෝ ගෑස් මූල්‍ය සංචිතයෙන් කෝටි 1000ක් වැයකරයි

ඔබේ අදහස් එවන්න

දියත

මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 65 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 209 0


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 903 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2632 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 914 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 153 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 256 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 578 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1695 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site