(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.
රජයට කොටස් සියයට 50 ක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බවත් ලිට්‍රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ලිට්‍රෝ’ සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා‘‘
de silva Wednesday, 26 January 2022 06:58 PM
සර්ගේ බම්බු නීතිය මේකේ සභාපතිව හිරේ දමලා මදි, එයාගෙන් කෝටි 200ක් අයකර ගන්න ඕනේ... මේ විදිහට මහජන මුදල් විනාශ කරපු නිසා අද අපට කන්න බොන්න බැරි තත්වයක් උදාවෙලා...
Demuni Uduwara Thursday, 27 January 2022 04:49 AM
මේ ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු සැසිය කල්දැමීම ගැන සඳහන් ලින්ක් එකක් තිබ්බාද?
Demuni Uduwara Thursday, 27 January 2022 04:54 AM
කොන්ද කෙළින් තබාගෙන නීතිවිරෝධී සහ අවිධිමත් වෑයම වළකමින් ඊට එරෙහිව ක්‍රියාකළ ඔබට ස්තුතියි.
Jomappuhamy -Kobeygane Thursday, 27 January 2022 08:17 AM
සමාගමේ හිටපු සියලු නිලධාරින්ගෙන් මේ කෝටි ගණන අයකරගන්න මහන්සි වෙන්න දෙයියෝ...
Bunny Preena Thursday, 27 January 2022 08:37 AM
විගණනයෙන් ඉවත්වීමට උත්සාහ කළා කියන්නේ සමාගමේ ලොකු ලොක්කෝ ටික ඔක්කොම සමාගමේ වත්කම් හොඳට හොරාකාලා විතරක් නෙමෙයි, හූරගෙනම කාලා කියන එකයි. මොවුන් එකෙක් නෑර දැඩි දඬුවම් දිය යුතුයි.
Senarath Thursday, 27 January 2022 11:47 AM
ඕනෙම ආයතනයක විගණනයක් කිරීම නරක දෙයක් නෙවෙයි. එහෙම විරුද්ධ වෙනවා නම් එතැන මොකක්හරි වරදක් වෙනවා ඇති. ඒ නිසා ඔවුන් විගණනයට එරෙහිව වියදම් කළ මුදල ඔවුන්ගේ පුද්ගලික මුදලින් ආපසු අයකරගත යුතුයි.
Charlotte Thursday, 27 January 2022 03:19 PM
දේශපාලනයේ ඉන්න විශිෂ්ඨ මංකොල්ලකාරයෝ නිසා මේ රට අපායට ගිහින්. මේ අය තමන්ගේ හිතුමතේට මහජන මුදල් අවභාවිත කිරීම ඉතාම කනගාටුදායකයි. අපේ නීති පද්ධතිය නටන්නේ දේශපාලනයේ මේ මංකොල්ලකාරයන්ට අනුවය.
Nimal Thursday, 27 January 2022 06:06 PM
මේ හොරු රැල අයින් කළ යුතුමයි. අපි කොච්චර සතුටු වුණාද ෂෙල් සමාගම පවරා ගන්න කොට. එදා ඉඳන්ම ආණ්ඩු දෙකම මේකෙන් හොරකම් කර ඇති බවයි මේකෙන් අපිට හිතාගන්න වෙන්නේ. හොරකම් කරන් නැත්නම් මොකටද විගණනයට බය වෙන්නේ...?
Ud jayawardna Saturday, 29 January 2022 09:08 AM
විදුලි බල මණ්ඩළයට හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කොටස් මංකොල්ල කෑව... LTL පාලකයින් සම්බන්ධව විගණනයක් කරන්නේ නැද්ද?