IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලුණු මුවාවෙන්ගෙන ගිය ලක්ෂ 30 ක කහ තොගයක් අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

ලුණු පැකට් තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 30 කට ආසන්න කහ තොගයක්  ලොරි රථ දෙකක් සමඟ අද (17) අලුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේ සිට නිකවැරටිය හා ගම්පොල ප්‍රදේශයට ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් ලුණු පැකට් වලට යටින් උර 19 ක අසුරා තිබු කහ තොගයක් බව පොලිසිය කියයි.

ලොරි රථ දෙකක කහ ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අද ආණමඩුව පොලිසියේ නිළධාරින් සැක සහිත ලොරි රථ දෙක පරික්ෂා කිරිම සඳහා අත් අඩංගුවට ගෙන තිබිණි.

එසේ අත්අඩංගුවට ගත් ලොරි රථ දෙක පොලිස්ථානයට රැගෙන විත් පරික්ෂා කිරිමේදී ලුණු පැකට් වලට යටින් කිසිවකුට සැක නොසිතව අයුරින් කහ සහිත උර ලොරි තුළ අසුරා තිබු බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ එක් ලොරියක කහ උර 13 ක්ද අනෙක් ලොරියේ උර 9 ක් ලෙසද සඟවා තිබු බවයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුත්තලම හා ගම්පොල පදිංචිකරුවෝ වෙති.



අදහස් (2)

ලුණු මුවාවෙන්ගෙන ගිය ලක්ෂ 30 ක කහ තොගයක් අල්ලයි

Lankawa Wednesday, 17 February 2021 06:32 AM

සර්, කහ ප්‍රවාහනය නවත්වන්න දාන පොලිසිය දාලා වනාන්තර කපන එක නවත්තන්න බලන්නකෝ. මොන විහිළුවක්ද අනේ මේ..?

:       0       2

de silva Wednesday, 17 February 2021 07:43 AM

ආණ්ඩුව දැන්වත් කහ පිටරටින් ගෙන්වලා ජාවාරම් කාරයෝ පොහොසත් කරන එකනැවැත්විය යුතුය. කහ තහනමට දැන් මාස 10ක් වෙනවා. ලංකාවේ ගොවියෝ තවම කහ වවලා නැහැ. වැව්වා නම් කහ මිල පහත යන්න ඕනේ.., දැන්වත් බොරු නාඩගම් නවත්වන්න. රටේ ජනජීවිතය හැකිතාක් දුරට සාමාන්‍ය තත්වයට ගෙන එන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 524 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 814 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1959 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2727 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 589 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site