IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ලොතරැයිය කුලී ගොඩනැගිලිවලට කෝටි 40ක් පුදලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජාතික ලොතරැයි මණ්ඩලය කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යෑමට  පසුගිය වසර හතේදී  පමණක් රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කරනු ලැබ ඇත්තේ 1963 වර්ෂයේදීය.

ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ ඒ වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබා ගැනීමට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය කිරීමට අනුමැතිය ලබාදී තිබුණද එම ගොඩනැගිල්ල ඉදි කර නොතිබූ බව එහි දැක්වේ.

මේ අතර මණ්ඩලය නීති විරෝධි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන  2020 මැයි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා රුපියල් කෝටි දෙකකට ආසන්න කුලියක් ගෙවා තිබූ බව පවසන ජාතික විගණන කාර්යාලය මෙම ගොඩනැගිල්ල විධිමත් අනුමැතියකින් තොරව සිදුකෙරුණු අනවසර ඉදිකිරීමක්  බවද සඳහන් කරයි.

මෙම ගොඩනැගිල්ල සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේදී එහි යථා ස්වභාවය පිළිබඳව දැනුවත් කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර මණ්ඩලයේ ව්‍යාපාරික පරිශ්‍රය ඉදිකිරීම වෙනුවෙන් උපදේශාත්මක සේවා ලබාගැනීමට 2016 වර්ෂයේ සිට 2021  වර්ෂය දක්වා රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂය පමණ මුදලක් වැය කර ඇතැයි එහි සඳහන් වේ.

මණ්ඩලය අලෙවි ප්‍රවර්ධන සහ ප්‍රචාරක කටයුතු සඳහා මිලදීගෙන තිබූ ලක්ෂ 63 කට  වැඩි වටිනා භාණ්ඩ  ගබඩාවල නිෂ්ක්‍රීය පැවතුණු බව සඳහන් කරන විගණන කාර්යාලය  ලොතරැයි තෑගි ලෙස ලබාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා රත්රන් කාසි, මාල ඇතුළු රන් භාණ්ඩ  53 ක් එම කටයුතු සඳහා යොදා නොගෙන සේප්පුවල තැන්පත් කර තිබූ බවද  සඳහන් කරයි.

මේ අතර මණ්ඩලය  2016 වර්ෂයේදී මුද්‍රණය කළ ඩොලර් ෆෝචූන් ලොතරැයිපත් තිස්දාහක් අතුරින් ලොතරැයිපත් 569 ක් අස්ථානගත වී තිබූ බවත්  එම ලොතරැයිපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පාර්ශ්වයන්ගෙන්  අලාභ අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම ලොතරැයිය 2016 වර්ෂයේදී  දිනුම් ඇදීමට නියමිතව තිබුණත් පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා  වනවිටත්  සිදුවී නොතිබූ බව විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (2)

ලොතරැයිය කුලී ගොඩනැගිලිවලට කෝටි 40ක් පුදලා

පැරකුම් Monday, 24 July 2023 02:14 PM

ඕව එලි කරල අපේ කාලය හා සම්පත් විනාශ නොකර ප්‍රයෝජනවත් වැඩක් කලොත් නරකද? කල වැරදි යලි ඇති නොවන්න පියවර ගෙන තිබේද? වරද කරුවන්ට දඩුවම් කල බවක් කිසිදා අසා නැත.

:       0       3

Hasith Monday, 24 July 2023 03:18 PM

අනේ කමක් නෑ .ඕකේ පාඩුව පියවන්න ටිකට් එකක ගාන වැඩි කරන්න රු .100 ක් වෙනකම් .අපි ගෙවන්නම් .ඊට පස්සේ මෙච්චර ලාබයි කියලා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 97 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 219 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 26 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 434 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 553 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 890 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site