IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලාදුරු රිළවෙක් ඇතිමලෙන් හමුවේ

(***සියඹලාණ්ඩුව සරත් ඩී. අධිකාරි, *** මොණරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)

ලාදුරු රෝගය වැළඳුන වනගත රිළවකු සියඹලාණ්ඩුව – ඇතිමලේ ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිද‌ා සොයාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රෝගය වැළඳුන සත්වයකු ශ්‍රී ලංකාවෙන් හමුවූයේ ප්‍රථම වතාවට බවද කියති. ප්‍රදේශයේ බිම වැටී සිටි රිළවකු ගම්වැසියකු විසින් වනජීවී නිලධාරීන්ට භාරදී ඇති අතර, ඔවුන් පසුව මේ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

මොණරාගල ලාදුරු මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණ පරික්ෂණ කීපයක් කර ඇති අතර එහිදී සතාට ලාදුරු වැළඳී ඇති බවට තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

මෙම රිළවා එදිනම මියගොස් ඇති අතර, උගේ සිරුරේ කොටස්, ලාදුරු වැළඳුණු රෝගියකුගේ මෙන් ශරීරයෙන් ගැලවී යන අයුරුද දක්නට ලැබී ඇත.පසුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන ලාදුරු මර්දන ඒකකය වෙත යැවූ බව එම නිලධාරීහු කීහ.

මේ අතර, අවට සිටි රිළවුන්ද ඔවුන් පරීක්ෂා කර ඇති අතර, ඔවුන්ගෙන්ද එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (6)

ලාදුරු රිළවෙක් ඇතිමලෙන් හමුවේ

Bamunuarachchi Thursday, 11 February 2021 10:26 AM

දැන් ඌව ගෙදර ගිහිල්ලා හදාගන්න ලැහැස්තිවෙන්න එපා...

:       4       2

shanthaFriday, 12 February 2021 02:35 PM

එහෙම වෙන්නේ කොහොමද, මිනිස්සුන්ගෙන් තමයි මේ අහිංසකයින්ට හැදිලා තියෙන්නේ.

:       0       1

BamunuarachchiSaturday, 13 February 2021 03:04 AM

ආ එහෙමද? එහෙනම් ගෙදර එක්ක යන්න.

:       2       0

gamini Thursday, 11 February 2021 11:20 AM

මෙය භයානක තත්වයක්, මේ සතුන් හරහා ලාදුරු රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැක.

:       1       12

fairoos Thursday, 11 February 2021 12:11 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... විමලේ පොඩ්ඩක් අප්සට් එකේ ඉන්නේ මේ දවස්වල...

:       7       7

kamalFriday, 12 February 2021 03:24 AM

ඔව් ඔව් අධිරාජ්‍යවාදීන්... එන්.ජී.ඕ.. වඳුරන් ලවා අපේ මාතෘභූමියට විනකරන්න හදනවා. දේශප්‍රේමී තැඹිලි වතුරත් අරගෙන පෙරටම එන්න..

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 457 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 176 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 344 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 264 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 91 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 857 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1375 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site